සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 356
කණ්ටක කසා
ඉ. දඬුවම් හා දන් දීමට පාවිච්චි කරන කටු සහිත කසයක්. (පි. 237)
කණ්ටක ගහණ
න. කටු සහිත වනලැහැබ, කැලය, වනය. (පි. 237)
කණ්ටක ගුම්බ
න. කටු සහිත පඳුර. (පි. 237)
කණ්ටක වට්ට
න. කටු සහිත වන බිම් තීරය. (පි. 237)
කණ්ටකලතා
ඉ. කටු සහිත වැල්වර්ගයක්. (පි. 237)
කණ්ටකාධාන
න. කටු සහිත බඩ වැටිය, කටු සහිත පෙදෙස. (පි. 237)
කණ්ටකාපචිත
ති. කටුවලින් වැසී ගිය. (පි. 237)
කණ්ටකාපස්සය
න. සමහර නිගණ්ඨයන් විසින් අත්තකිලමථානුයොගය පුරුදුකිරීමට යකඩ ඇණ අතුරණ ලද ඇඳක නිඳීම හෝ වාඩිවී සිටීමේ පුරුද්ද. (පි. 237)
කණ්ටකාරී
ඉ. කටුවැල්බටු. (පි. 237)
කණ්ටකී
පු. කටු ඇති, කටුසහිත. (පි. 237)
කණ්ටකීඵල
න. කටුගෙඩි, කොස්ගෙඩි, එම ගස. (පි. 237)
කණ්ඨ
පු. බොටුව, ග්රීවය, උගුර, බෙල්ල. (පි. 237)
කණ්ඨකූප
න. උගුරේ ඇති සිදුර, උගුරු සිදුර. (පි. 237)
කණ්ඨභූසා
ඉ. ග්රීවාභරණය, බෙල්ලේ දමන මාලාදිය. (පි. 237)
කණ්ඨසුත්ත
න. ඇටවැල් ආදි ගෙලෙහි පළඳනා අබරණ, ගෙල බඳනා නූල. (පි. 237)
කණ්ඩ
පු. ඊ දඬු, ගොයම් දඬු, සමූහය, කොටස, අවකාශය.
√ භු. සිඳීමෙහි, කණ්ඩති, සිඳියි. (පි. 237)
කණ්ඩ ගමන
න. දුනු පහර, ඊතලයක ගමන. (පි. 237)
කණ්ඩ චිත්තක
පු. ශ්රේෂ්ඨ ඊතලය. (පි. 237)
කණ්ඩ වාරණ
ති. පලිහ, ඊතල නවත්වන ආයුධය. (පි. 237)
කණ්ඩක
ති. ආරක්ෂා නැති, සොරුන්ගෙන් නොමිදුනු. (පි. 237)
කණ්ඩකී
ඉ. නදී විශේෂයක්, කටුසහිත වැටක්. (පි. 237)
කණ්ඩනාළි
ඉ. ඊ කොපුව. (පි. 237)
කණ්ඩපහාර
න. ඊතල පාර, ඊතලයෙන් වූ වණය. “එකෙන කණ්ඩපහාරෙන ද්වෙ මහාකායා පදාලිතා.” (පි. 237)
කණ්ඩරා
ඉ. මහ නහර. (පි. 237)