සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 400
කණයම්
නා.ප්ර. දොරපොල්ල.
කණ්ටක
1. නා.ප්ර. වෘක්ෂලතාදියෙහි හටගන්නා වූ අ. තියුණු උලක් වැනි අවයවය; කටුව.
2. නා.ප්ර. ඉදිකටුව; ඇල්පෙනෙත්තිය; කියත් ආදියෙහි දැති පෙළ හෝ දැත්ත.
3. නා.ප්ර. කොඳු ඇටය; කශේරුව.
4. නා.ප්ර. කරදරය; සතුරු උපද්රවය.
5. නා.ප්ර. අණ්ඩඵල බීජාදියෙහි පිටපැත්තේ වූ තද ආවරණය; කටුව.
6. නා.ප්ර. මත්ස්යයන්ගේ ඇටය හෙවත් කටුව.
කණ්ටක ආරෝහකය
(පාරිභා.) නා. තමාගේ කටු ආධාර කරගෙන ඉහළට නඟින ශාකය (=thorn climber).
කණ්ටක ප්රසරය
(පාරිභා.) නා. කොඳු ඇට පෙළින් ස්වාභාවික ලෙස බෙදී එහිම අවිච්ඡින්න කොටසක් සේ ඉදිරියට නෙරා යන ගැටය (=spinous process).
කණ්ටකලතා
නා.ප්ර. කටු හෝ ගැට සහිත කසය; කටුසැමිටිය.
කණ්ටිකාව
(පාරිභා.) නා. කුඩා කොඳු ඇටය (=spinule).
කණ්ඨ විවරය
නා. (ගලනාලයත් මුඛයත් අතර වූ) ආහාර මාර්ගයේ උඩකොටස; ග්රසනිකාව (=pharynx).
කණ්ඨජ
වි. උගුර උත්පත්ති ස්ථානය කොට ඇති.
කණ්ඨජාක්ෂරය
නා. උගුර උත්පත්තිස්ථානය කොට ඇති අක්ෂරය.
කණ්ඨතාලුජ
වි. බොටුව හා තල්ල උත්පත්ති ස්ථානය කොට ඇති.
කණ්ඨනාලය
(පාරිභා.) නා. ආහාරපාන මුඛයේ සිට කණ්ඨය හරහා උදරය කරා යන මාර්ගය; ගලනාලය (=gullet).
කණ්ඨපාශය
නා. බෙල්ලේ ලන තොණ්ඩුව හෝ ලණුව.
කණ්ඨමාණික්යය
1. නා. ගෙලෙහි බඳින මැණික.
2. නා. ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කරන මැණික.
කණ්ඨමාලය
නා. බෙල්ලෙහි සෑදෙන රෝගයක නාමය; ගලගණ්ඩ රෝගය.
කණ්ඨය
නා. බොටුව; ගෙල; ග්රීවය.
කණ්ඨිකාව
(පාරිභා.) නා. දිව මුල පිහිටා ඇති ඇටයක් හෝ ඇට පද්ධතියක් (=hyoid).
කණ්ඨිරව
1. නා.ප්ර. සිංහයා; මෘගේන්ද්රයා.
2. නා.ප්ර. මත් වූ ඇතා.
කණ්ඨෞෂ්ඨජ
වි. (ව්යාක.) උගුර සහ තොල් උත්පත්තිස්ථානය කොට ඇති.
කණ්ඩ
1. නා.ප්ර. කොටස; කෑල්ල; ඛණ්ඩය.
2. නා.ප්ර. රෙදිකඩ; වස්ත්රය.
3. නා.ප්ර. ඊය; ශරය.
කණ්ඩනය
1. නා. වීයෙන් දහයියා වෙන් කිරීම.
2. නා. ගොයම් පෑගීම; ගොයම් කොළ මැඩීම.
3. නා. වී හුළං කිරීම.
කණ්ඩරාව
නා. (ශරීරයේ) පේශියක් අනෙක් පේශියකට හෝ කපෝල අවයවයකට හෝ සම්බන්ධ කරන තන්තුමය රැහැන; බල නහරය.
කණ්ඩශර්කරා
නා.ප්ර. කඩසකූරු; උක්සකුරු කැට; සූකිරි.
කණ්ඩාපස
නා.ප්ර. (ඊ පසක් ඇත්තා) අනංගයා.
කණ්ඩායම
1. නා. සමූහය; පිරිස; රංචුව.
2. නා. බළකාය; සේනාංකය.