අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 70

ඔත්පිළිමය

නා. සැතපෙන පිළිමය

ඔතෑනි

වි. අලස; කම්මැළි/ දුර්වල; බෙලහීන

ඔපනැල්ල

නා. ඇඳුමක තබන රැල්ල (ල. opnaij)

ඔබල

වි. අබල; දුර්වල; මලානික; විඩාපත්

ඔරලියන්තුව

නා. එල්ලෙන කරාබුව

ඔරලෝසුව

නා. වේලාව දක්වන යන්ත්‍රය (ල. පුර්. orlozo)

ඔල

නා.ප්‍ර. කොළය; පත්‍රය (දෙ. ஓலை)

ඔලිඳ

නා.ප්‍ර. ඖෂධීය ගුණ ඇති වැල් විශේෂයක්

ඔලිම්පික්

නා.ප්‍ර. චතුර්වාර්ෂික ව පවත්වන ජාත්‍යන්තර මලල ක්‍රීඩා උත්සවය (ඉං. olympic)

ඔලොක්කුව

නා. සරදම; ඇනුම්පදය/ හෙළාදැකීම; නින්දාව (මල. ඔලොක්)

ඔලොගුව

නා. බඩුබාහිරාදිය කර දෙපස දමාගෙන යෑම සඳහා භාවිත මල්ල

ඔසළ

වි. අවතීර්ණ වූ; බැසගත්තා වූ

ඔළ

නා.ප්‍ර. දැඩි බව; සැහැසිකම; චණ්ඩභාවය

ඔළමොට්ටළ

වි. හිතුවක්කාර; මෝඩ

ඔළමොළ

වි. චණ්ඩ; හිතුවක්කාර

ඔළුව

නා. හිස; ශීර්ෂය

ඔළොක්කුව

නා. ඉඩම් දෙකක් අතර පටු පාර

ඕඝය

නා. ජලප්‍රවාහය; ජලධාරාව; මහවතුර (පා. සං. ඔඝ)

ඕදාත

වි. සුදු; ශ්වේත (පා. ඔදාත)

ඕෂධී

නා.ප්‍ර. එනම් තාරකාව; ඉරබටු තරුව/ ශාකය/ ඵල හටගත් පසු විනාශ වන කෙසේ තල් ආදි ශාක/ පැළෑටිය (පා. ඔසදි සං. ඔෂධි)

ඕෂ්ඨජ

වි. තොල්වලින් උපදින (සං. ඔෂ්ඨජ)

ඕසෝන් ස්තරය

නා. වායුගෝලයේ පවත්නා ඕසෝන් වායු තට්ටුව

ඕළාරික

වි. සියුම් නොවූ; දැඩි; රළු (පා. ඔළාරික)

ඖචිත්‍යය

නා. උචිත බව; සුදුසු බව; නිසි බව (සං. ඖචිත්‍ය)