අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 69

ඒකාර්ථ

නා.ප්‍ර. එක ම අදහස; තනි අර්ථය (සං. එකාර්ථ)

ඒකාලම්භන

වි. එක අරමුණක් ඇති (පා. එකාලම්භන)

ඒකාලෝක

වි. මුළුමනින් ම එළිය වූ

ඒකාවලිය

නා. සිවුසැට ආභරණයන්ගෙන් එකක් (සං. එකාවලි)

ඒකීභූත

වි. එකට එක් වූ (පා. සං. එකීභූත)

ඒදණ්ඩ

නා. ඇළ දොළ ආදියෙන් එතෙර වනු සඳහා දෙතෙර සම්බන්ධ කොට දමන ලී කඳ

ඒරාවණ

නා.ප්‍ර. ඉන්ද්‍ර දිව්‍යරාජයාගේ හස්තියා (පා. එරාවණ)

ඒරාෂ්ටකය

නා. ග්‍රහයන්ගේ හැසිරීම නිසා උදාවන අපල කාලය

ඒෂණය

නා. සෙවීම; ගවේෂණය (සං. එෂණ)

ඓක්‍යය

නා. එක්කොට ලත් ඵලය; එක් කොට ගැනීම; එක් බව (සං. ඓක්‍ය)

ඓතිහාසික

වි. ඉතිහාසය පිළිබඳ වූ; ඉතිහාසයට අයත් (සං. ඓතිහාසික)

ඓන්ද්‍රිය

නා.ප්‍ර. කාබනික ද්‍රව්‍ය (සං. ඓන්‍ද්‍රිය)

ඓරාවණ

නා. ඉන්ද්‍ර (ශක්‍ර) දෙවියාගේ ඇතා (සං. ඓරාවණ)

ඓශ්වර්යය

නා. ඉසුරු බව; සමෘද්ධිමත් බව; ආධිපත්‍යය; ප්‍රධානත්වය; ශ්‍රේෂ්ඨත්වය (සං. ඓශ්වර්ය)

ඓහලෞකික

වි. මෙලොවට අයත්; මේ ලෝකය පිළිබඳ වූ (සං. ඓහලෞකික)

ඔංචිලි

නා.ප්‍ර. උසක බැඳි රැහැන් දෙකක පහළ අග හිඳ ගැනීමට හෝ සිට ගැනීමට හැකි වන සේ හරස් ලෑල්ලක් තබා සකස් කර ගත් පැද්දෙන ක්‍රීඩා උපකරණය (දෙ. ஊஞ்சல்)

ඔකඳ

නා.ප්‍ර. පැමිණීම; ළඟාවීම/ ප්‍රීතිය; ප්‍රමෝදය (පා. ඔක්කන්‍දික)

ඔක්සිකරණය

නා. යම්කිසි ද්‍රව්‍යයක් ඔක්සිජන් සමග එකතුවීම හෝ ඉන් හයිඩ්‍රජන් ඉවත් කිරීම

ඔක්සිහරණය

නා. ඔක්සිජන් ඉවත් කිරීම

ඔට්ටුව

නා. යමක් සිදුවන හෝ සිදු නොවන බව හෝ කියමින් තරගයක දී දිනූ තැනැත්තාට පැරදුණු අය දීමට පොරොන්දු වන දෙය හෝ මුදල; පරදුව (දෙ. ஓட்டு)

ඔටුන්න

1. නා. හිස් වෙළුම; තලප්පාව 2. කිරීටය; කිරුළ (සං. වෙෂ්ටන+ක පා. වෙඨන+ක)

ඔඩපනය

නා. උකස් තැබූ දෙය

ඔඬර

වි. වපර; ඇදට බලන

ඔත්පළ

වි. නැඟිටීමට නොහැකි; එක්තැන් වූ නා. වැදහොත් තැන; ශයනය කළ ස්ථානය