ඔට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙදෙනකු නොහොත් දෙපාර්ශ්වයක් අතර යමක් සිදු වන හෝ නොවන බව පිළිබඳ මත ගැටුමක දී පැරදුණ පක්ෂය යම් දඬුවමක් විඳීමට හෝ දිනූ පක්ෂයට යම්කිසි දැයක් පැවරීමට හෝ කරන පරදුව.
2. (කථා.) නා. තරගය.
3. නා. දබරය; විරුද්ධ වීම; රළු බසින් කථා කිරීම.
4. (කථා.) නා. යමකට සවි කරන ලද (ලී හෝ තහඩු) කැබැල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් සිදුවන හෝ සිදු නොවන බව හෝ කියමින් තරගයක දී දිනූ තැනැත්තාට පැරදුණු අය දීමට පොරොන්දු වන දෙය හෝ මුදල; පරදුව (දෙ. ஓட்டு)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bet
2. n. gage
3. n. stake
4. n. wager