සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 374
ඔට්ටුබද්ද
(පාරිභා.) නා. ක්‍රීඩාදියෙහි දී ඔට්ටු අල්ලන විට කරනු ලබන බද්ද.
ඔට්ටුව
1. නා. දෙදෙනකු නොහොත් දෙපාර්ශ්වයක් අතර යමක් සිදු වන හෝ නොවන බව පිළිබඳ මත ගැටුමක දී පැරදුණ පක්ෂය යම් දඬුවමක් විඳීමට හෝ දිනූ පක්ෂයට යම්කිසි දැයක් පැවරීමට හෝ කරන පරදුව.
2. (කථා.) නා. තරගය.
3. නා. දබරය; විරුද්ධ වීම; රළු බසින් කථා කිරීම.
4. (කථා.) නා. යමකට සවි කරන ලද (ලී හෝ තහඩු) කැබැල්ල.
ඔටුන්න
1. නා. කිරීටය; කිරුළ.
2. නා. හිස්වෙළුම; තලප්පාව; ශීර්ෂ වේෂ්ටනය.
ඔටුනු පලඳවනවා
ක්‍රි. ඔටුන්න හිස මත පලන්දා රජකමට පත් කරනවා; තනතුරට පත් වන අයකු ඒ තනතුරෙහි නීත්‍යනුකූල ව පිහිටුවනවා.
ඔටුවා
නා. විශේෂයෙන් අප්‍රිකානු හා ආසියානු කාන්තාරවල ජීවත්වන දිග බෙල්ලක්, මොල්ලියක් හෝ දෙකක් සහ කුර සහිත ලොකු ක්ෂිරපායී සිවුපාවෙක්.
ඔඩම
නා. මත්පැන් පානය සඳහා ගැනෙන බඳුන; විත.
ඔඩ්ඩිය
1. නා. ඔට්ටුව.
2. නා. උකස.
3. නා. කොඩිය.
ඔඩැල්ල
නා. (ගසක) බෙනය හෝ සිදුර.
ඔඩිටර්ජනරාල්
නා.ප්‍ර. රජයේ කාර්යාංශවල ගණන් හිලවු පරීක්ෂා කර බලන ගණන් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියා; විගණකාධිපති.
ඔඩිය
(කථා.) නා. වියළි කොළ ආදියෙන් තනා මී බඹර කැඩීමේ දී මැස්සන් එළවීම සඳහා ගනු ලබන හුළු අත්ත.
ඔඩියාරු
වි. ව්‍යාජ; උපහාසාත්මක; සමච්චල්.
ඔඩු දුවනවා
ක්‍රි. වණයක සැරව සහිත කුහර සෑදී මස් කා ගෙන පැතිරෙනවා.
ඔඩුව
1. නා. වණයක් පැසවා මසෙහි කා ගෙන ගිය පාර; සැරව සහිත කුහර සෑදී මස කා ගෙන පැතිර ගිය වණය.
2. නා. ඔඩු වණ ආදිය පරීක්ෂා කිරීමට භාවිත කරන උපකරණයක්; ඔඩුකූර.
ඔඩොක්කුව
1. නා. යමක් දමා ගැනීම සඳහා ඇඳි වතින් ම ඉණෙහි බොකු ගසා සාදා ගත් රැල්ල.
2. නා. ඇකය; උකුළ.
ඔඬර
(කථා.) වි. ඇදට බලන; වපර ඇස් ඇත්තා වූ; වපර.
ඔතනවා
ක්‍රි. වෙළනවා; වටා දවටනවා.
ඔතප්පය
නා. පාපයන් කිරීමට ඇති බය.
ඔතපු
නා.ප්‍ර. පව කෙරෙහි ඇති භය.
ඔතරම්
වි. ඔපමණ; ඔය තරම්.
ඔත්
1. වි. හොත්; නිදාගත්; ශයනයෙහි යෙදුණ.
2. වි. බහාලූ; තැබූ; දැමූ.
3. වි. (යමක් කිරීමට) බැසගත්; යෙදුණ; නියුක්ත.
ඔත් පිළිමය
නා. වැදහොත් ඉරියව්වෙන් හෙවත් ශයනය කර සිටින ආකාරයට තැනූ (බුද්ධ) ප්‍රතිමාව; සැතපෙන පිළිමය.
ඔත්තය
නා. දෙකෙන් නොබෙදිය හැකි ගණන; එක, තුන, පහ, හත ආදි සංඛ්‍යාවන් හඳුන්වන නාමය.
ඔත්තුකාරයා
නා. රහස් තොරතුරු සපයන්නා; චර පුරුෂයා.
ඔත්තුව
නා. රහස් තොරතුරක් එළිදරවු කරවා ගැනීමට උපකාර වන ආරංචිය; රහසින් සොයා ලබාගන්නා තොරතුර.