සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 373
ඔක්සයිඩය
(පාරිභා.) නා. ඔක්සිජන් සමග වෙනත් මූලද්රව්ය සංයෝජනය වීමෙන් සෑදෙන ද්ව්යංගී සංයෝගය.
ඔක්සලික් අම්ලය
(පාරිභා.) නා. ඔක්සලිස් වර්ගයේ ශාකවල අඩංගු අම්ලය (=oxalic acid).
ඔක්සි අම්ලය
(පාරිභා.) නා. ඔක්සිජන් අඩංගු අම්ල (=oxyacid).
ඔක්සිකරණ දැල්ල
(පාරිභා.) නා. අදීප්ත බන්සන් දැල්ලක පිටස්තර කේතුව; ඔක්සිජන් සමග සංයෝජනය ඇති කරන දැල්ල (=oxyacetylene flame).
ඔක්සිකරණය
(පාරිභා.) නා. ඔක්සිජන් සමඟ සංයෝජනය; ඔක්සයිඩයකට හෝ ඔක්සිජන් සංයෝගයකට පරිවර්තනය කිරීම.
ඔක්සික්ලෝරයිඩ්
(පාරිභා.) නා.ප්ර. වෙනත් මූලද්රව්යයක් හෝ ඛණ්ඩකයක් සමඟ ඔක්සිජන් හා ක්ලෝරීන් සංයෝජනය වීමෙන් ලැබෙන සංයෝගය (=oxychloride).
ඔක්සිකැලොරි මීටරය
(පාරිභා.) නා. ශරීරයක උෂ්ණත්වය හා එහි තිබෙන ඔක්සිජන් ප්රමාණය මනින උපකරණය.
ඔක්සිජන්
(පාරිභා.) නා.ප්ර. ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්ය වායුමූල ද්රව්යයක්; වර්ණයක් හෝ රසයක් හෝ ගන්ධයක් නැති වායුමය මූල ද්රව්යයක් (=oxygen).
ඔක්සිඩේස්
(පාරිභා.) නා.ප්ර. ශාක සෛලවල හා සත්ත්ව සෛලවල අඩංගු ඔක්සිකරණය දියුණු කරන එන්සයිම සමූහයක්(=oxidase).
ඔක්සින්
(පාරිභා.) නා.ප්ර. ශාක වර්ධනය කෙරෙහි බලපාන ශාක හෝමෝන සමූහය. (=auxin)
ඔක්සිභවනය
(පාරිභා.) නා. ඔක්සිජන් සමඟ සංයෝජනය වීම; ඔක්සිජන් සංයෝගයකට පරිවර්තනය වීම (=oxidisation).
ඔක්සිහරණය
(පාරිභා.) නා. ඔක්සිජන් ඉවත් කිරීම හා සම්බන්ධ රසායනික ක්රියාවලිය (=reduction).
ඔක්සිහිමොග්ලොබින්
(පාරිභා.) නා.ප්ර. ඔක්සිජන් සමඟ හිමොග්ලොබින් සංයෝජනය වීමෙන් සෑදෙන ඵලය (=oxyhaemoglobin).
ඔච්චම
නා. විහිළුව; සරදම; සමච්චලය.
ඔච්චර
(කථා.) නා. ඔය විතර; ඔය තරම; ඔපමණ; ඔය ප්රමාණය.
ඔජ
වි. දෙකෙන් නොබෙදිය හැකි; ඔත්තේ.
1. නා.ප්ර. (ශරීර) ශක්තිය; ප්රාණවත් භාවය; උද්යෝගීබව.
2. නා.ප්ර. ශක්තිජනක සාරය; සාරවත ද්රව්යය; සාරවත්භාවය; ඕජස; හරය.
3. නා.ප්ර. ආඩම්බරය; උජාරුව.
ඔජ වඩවනවා
(කථා.) ක්රි. උජාරු කරනවා; ආඩම්බර දක්වනවා; අගේ කරනවා.
ඔජරයා
1. (කථා.) නා. උදරරෝග සෑදුණු මිනිසා; විශාල උදරයක් ඇති තැනැත්තා.
2. නා. කම්මැළි හෝ කුසීත මිනිසා; අලසයා.
ඔට
1. නා. තොල; හොටය.
2. නා. ඔටුවා.
3. නා. කාසියක් බඳුනක් වැනි දැයක ගැට්ට.
ඔටවනවා
1. (කථා.) ක්රි. අවදානම් ලෙස හෙවත් අඩමානෙට යමක් තැන්පත් කරනවා; මානනවා.
2. ක්රි. වැනි වැනී යනවා; වෑයමින් ගමන් කරනවා.
3. ක්රි. ඉඟි කරමින් ඇඟ නටවනවා.
4. ක්රි. කටමැත දොඩවනවා; පුරසාරම් කියනවා.
5. ක්රි. බුම්මාගෙන ඉන්නවා; කනස්සලු ලෙස බලාගෙන ඉන්නවා.
ඔට්ටු අල්ලනවා
ක්රි. යටත්පිරිසෙයින් දෙදෙනකු නොහොත් දෙපක්ෂයක් අතරින් පැරදුණු පාර්ශ්වය යම් මුදලක් හෝ දෙයක් හෝ දීමට පොරොන්දු වෙනවා; පරදු තබනවා.
ඔට්ටු කච්චිය
නා. රදලවරුන් විසින් උත්සව අවස්ථාවල දී අඳිනු ලබන අලංකාර වස්ත්ර විශේෂය.
ඔට්ටු පාල්
(කථා.) නා. රබර් ගසේ කපන ලද පොත්ත මත මිදී වියළී පවතින කිරි.
ඔට්ටු පොළ
නා. ඔට්ටු අල්ලන ස්ථානය; පරදු තබන තැන; සූදු පොළ.