සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 372
ඓකපරිපුෂ්ප
(පාරිභා.) වි. තනි ශ්රේණියකින් සමන්විත පරිපුෂ්පයක් පිළිබඳ වූ (=homochlamydeous).
ඓකපරිසර විද්යාව
(පාරිභා.) නා. තනි ශාක විශේෂයකත් ඒවා වැඩෙන පරිසරයත් අතර ඇති ජෛව සම්බන්ධතා ද ඒවායේ වැඩීම ආදිය ද පිළිබඳ ව හදාරන විද්යාව (=autecology).
ඓක්ය සූත්රය
නා. සංඛ්යා එකතු කිරීම සඳහා භාවිත කරන සූත්රය.
ඓක්යය
1. නා. එක් කොට ගැනීම; එක්බව.
2. නා. සංඛ්යා දෙකක් හෝ වැඩි ගණනක් එකතු කිරීමෙන් ලැබෙන ගණන; එකතුව.
ඓච්ඡික
වි. ස්වකීය ඉච්ඡාව හෙවත් කැමැත්ත අනු ව ක්රියා කරන.
ඓච්ඡික පේශිය
නා. සිය කැමැත්ත අනු ව ක්රියා කරන පේශිය.
ඓතිහ්ය
වි. පරම්පරාගත ව හෝ සම්ප්රදායානුගත ව එන ඉගැන්වීම් හෝ උපදෙස්වලින් යුත්.
ඓතිහාසික
වි. ඉතිහාසයට අයත්; ඉතිහාසය පිළිබඳ වූ; ඉතිහාසගත වූ.
ඓන්ද්රජාලික
වි. ඉන්ද්රජාල හෙවත් ඇස්බැන්දුම්වලට අයත්; ඉන්ද්රජාල හා සම්බන්ධ වූ; ඉන්ද්රජාලමය.
ඓන්ද්රිය
(පාරිභා.) වි. කාබනික ද්රව්ය පිළිබඳ; සත්ත්ව හෝ ශාක ද්රව්ය අඩංගු හෝ ඉන් සෑදුණු.
ඓන්ද්රියක
වි. ඉන්ද්රිය පිළිබඳ වූ; ඉන්ද්රිය හා සම්බන්ධ; ඉන්ද්රියගෝචර.
ඓරාවණ
නා.ප්ර. ශක්ර ඉන්ද්ර දෙවිඳුගේ ඇතා.
ඓශ්වර්යය
1. නා. ඉසුරුබව; ප්රධානත්වය; ශ්රේෂ්ඨත්වය; ආධිපත්යය.
2. නා. සම්පත්තිය; සමෘද්ධිමත් බව.
ඓශ්වර්යෝත්සර්ගය
[ඓශ්වර්ය + උත්සර්ගය]
නා. ආධිපත්යය හා බලය අත් හැරීම හෙවත් ප්රතික්ෂේප කිරීම.
ඓශානි
නා.ප්ර. ඊශාන දිශාව.
ඓහලෞකික
වි. ඉහ ලෝකයට හෙවත් මෙලොවට අයත්; මේ ලෝකය පිළිබඳ වූ.
ඓහික දෘෂ්ටිය
නා. (ක්රිස්ති.) මෙලොව කාරණා පමණක් සැලකීම.
ඔ
මිශ්ර සිංහල හෝඩියේ දහසය වැනි අකුර හා දහසය වැනි ස්වරය.
වි. ඔය; අර; ඔපමණ.
ඔංචිල්ලාව
නා. උංචිල්ලාව.
ඔකඳ
1. නා.ප්ර. පැමිණීම; ළඟාවීම.
2. නා.ප්ර. මැඩපැවැත්වීම.
3. නා.ප්ර. සන්තෝෂයෙන් දුව පැන ඇවිදීම; කෙළි සෙල්ලම් කිරීම; සිනහව; ප්රමෝදය.
4. නා.ප්ර. සැඬ පහර; ජලස්කන්ධය.
5. නා.ප්ර. ගොඩ; සමූහය.
ඔකඳ කෙළිය
නා. දුවපැන කෙළි සෙල්ලම් කිරීම.
ඔක්කල්ලය
1. (කථා.) නා. අවමන් කිරීම වශයෙන් විහිළු කිරීම; සරදම් කිරීම; ඔච්චම; සරදම.
2. නා. මුකුළුව; ඔමරි කිරීම; ඔමරිය.
ඔක්කාරය
නා. වමනය කිරීමට පෙර ඇතිවන උද්ගාරය; වමන ගතිය.
ඔක්කොල් සිනා
නා.ප්ර. ශබ්ද සහිත ව සිනහව; කොක්හඬ ලා සිනාසීම.