සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 371
ඒදණ්ඩ
නා. ඇළ, දොළ ආදියෙන් එතෙර වනු සඳහා දෙතෙර සම්බන්ධ කොට දමන ලී කඳ; සේතුව.
ඒදනවා
ක්‍රි. කුළුබඩු, පොල්කිරි ආදිය යොදා සංයෝග කොට ව්‍යංජනයක් පිසීමට පිළියෙල කරනවා.
ඒධාව
(පාරිභා.) නා. කඳන් සහ මුල්වල ද්විතීයික වර්ධනය ඇති වන්නා වූ පටකය; කැම්බියම (=cambium).
ඒනම
(කථා.) නා. භාජනය; බඳුන.
ඒනියා
වි. එවැනි; ඒ ආකාර වූ; එබඳු.
ඒය
නා. හෙය; ඒ දණ්ඩ; පාලම.
ඒරාෂ්ටකය
නා. සෙනසුරු ග්‍රහයාගේ ගමන අනු ව සිදුවන අශුභ ග්‍රහ පිහිටීමක්.
ඒරිය කඳ
නා. බර කරත්තයක මැදින් ඉදිරියට නෙරා සිටින සේ සවි කොට ඇති (වියගහ බඳින) දිග කඳ.
ඒරියලය
නා. විද්‍යුත් චුම්බක තරංග ඇදගැනීමේ හෝ නිකුත් කිරීමේ ශක්තිය ඇති පරිවෘත නොකළ කම්බිය; ගුවන් කම්බිය.
ඒරු වෙනවා
1. (කථා.) ක්‍රි. නැගෙනවා; ආරූඪ වෙනවා; ආවේශ වෙනවා.
2. ක්‍රි. කෝප වෙනවා; සැර වෙනවා; බණිනවා.
ඒරුව
වි. උස් වූ ගොඩ; කන්ද; කඳුගැටය.
ඒල්
වි. ඉදුණු මීගෙඩි.
ඒල් ඇට
(කථා.) නා. ධාන්‍ය කරල් කපා ගැනීමට පෙර එයින් ගැලවී වැටෙන පැසුණු ඇට.
ඒල් කරනවා
(කථා.) ක්‍රි. කරලින් ඇට වෙන් කරනවා.
ඒල් වෙනවා
(කථා.) ක්‍රි. (වී, කුරහන් ආදි ඇට) මෝරනවා හෝ පැහෙනවා.
ඒවමාදි
වි. මේ ආදි.
ඒෂණය
1. නා. සෙවීම; ගවේෂණය.
2. නා. ඔඩු වණවල මඟ සෙවීම.
ඒෂණිය
නා. ඔඩු වණ ආදිය පරීක්ෂා කිරීමට භාවිත කරන සැතක්; ඔඩුකූර.
ඒහිපස්සික
වි. යමක් වෙත පැමිණ කෙළින් ම පරීක්ෂා කර බැලිය හැකි (බුද්ධ ධර්මයෙහි එක් ගුණයක් සේ දැක්වෙනා පරීක්ෂාකර බැලීමට සුදුසු).
ඒහිභික්ඛු භාවය
නා. ‘එව මහණ’ යි බුදුරදුන් වදාළ පමණින් පෙර කළ පින් බෙලෙන් ඍද්ධිමය පාත්‍ර චීවර සමඟ ලබන පැවිදිබව.
ඒළක
1. නා.ප්‍ර. එළිපත්ත.
2. නා.ප්‍ර. එළුවා.
ඓ
මිශ්‍ර සිංහල වර්ණමාලාවේ පසළොස් වැනි අකුර සහ පසළොස්වන අකුරු ස්වරය.
ඓක
වි. එකකට අයත්; එක ම; තනි.
ඓක රේණුක
(පාරිභා.) වි. එක රේණුවකින් යුක්ත වූ.