අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 68
ඒකත්රාණ
නා.ප්ර. එක ම ආරක්ෂාව; එක ම රැකවරණය
ඒකථූණිකා
නා.ප්ර. එක්ටැම් ගෙය (පා. එකථූණිකා)
ඒකදෘෂ්ටි
නා.ප්ර. සංගීතයෙහි දී එක ම පැත්තක් බලාගෙන ගී කීම (සං. එකදෘෂ්ටි)
ඒකනිශ්රය
නා. එකක් ඇසුරු කොට පැවැත්ම
ඒකපරායණ
නා. එක ම පිහිට; අසහාය සරණ
ඒකපාක්ෂික
වි. එක් පක්ෂයක් ගත්
ඒකපාර්ශ්වික
වි. එක් පැත්තකට අයත්
ඒකරාශි
නා.ප්ර. සමූහය; එකගොඩ (සං. එකරාශි)
ඒකල
වි. තනි ව ඉදිරිපත් කරන (සං. එකල)
ඒකවිධ
වි. එක් ආකාරයක් ඇති (පා. සං. එකවිධ)
ඒකශ්රැතිය
නා. එක් වරක් ඇසීම (සං. එකශ්රැති)
ඒකශාඛ
නා.ප්ර. ප්රධාන අක්ෂයකින් එක් ශාඛාවක් බැගින් හටගන්නා බහු අක්ෂ පුෂ්ප මඤ්ජරිය
ඒකස්තම්භ ප්රාසාදය
නා. එක්ටැම්ගෙය
ඒකස්ථ
වි. එකට සිටින (සං. එකස්ථ)
ඒකසෛලික
වි. එක සෛලයකින් හෙවත් කෝෂයකින් යුක්ත
ඒකාංගික
වි. එක් අංගයක් හෙවත් කාරණයක් ඇති (පා. එකාඞ්ගික)
ඒකාංස
නා.ප්ර. එක් උරය; ශරීරයේ එක් අංශය/ ඒකාන්ත බව; ස්ථිරත්වය (පා. එකාංස සං. එකාංශ)
ඒකාක්ෂරය
නා. තනි අකුර
ඒකාග්ර
වි. එක් අරමුණක් ඇති (සං. එකාග්ර)
ඒකාග්රතාව
නා. එක අරමුණක පිහිටුවා ඇති බව; සමාධියෙන් යුත් බව
ඒකාදශ
වි. එකොළොස (සං. එකදශ)
ඒකාධිකාරය
නා. තනි බලය හෝ අයිතිය ඇති; තනි පාලනයට අයත්
ඒකාධිපති
නා. එක ම අධිපති වි. තනි මතය අනුව ක්රියා කරන (සං. එක+අධිපති)
ඒකාබද්ධ
වි. එකට බැඳුණු; එක් වුණු; එකතු වුණු