කක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ග්රහවස්තු අභ්යවකාශය තුළ ගමන් ගන්නා මාර්ගය.
2. නා. න්යෂ්ටිය වටා ඉලෙක්ට්රෝනයක් ගමන් කරන මාර්ගය.
3. නා. කැලෑව; වන ළැහැබ.
4. නා. වැල; ලතාව.
5. නා. කිහිල්ල.
6. නා. ප්රාසාදයක විශේෂයෙන් ආරක්ෂිත වූ රහස් කොටස.
7. නා. සම තත්ත්වය; සමතාව; සමානත්වය.
8. (පාරිභා.) නා. ගසක කොළයටත් කඳටත් අතර හෝ අත්තටත් කඳටත් අතර හෝ ඇති ඉහළ කෝණය (=axil).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කිහිල්ල/ ආකාශ වස්තූන් හෙවත් ග්රහ වස්තූන් ආකාශය තුළ ගමන් කරන මාර්ගය/ සම තත්ත්වය; සමානත්වය (සං. කක්ෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. armpit
2. Bot. axil
3. n. axilla
4. n. degree
5. n. orbit
6. arm-pit