සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 346
ඔහියි
ක්‍රි. (අව+හි. √ සු. ගති වුද්ධි උපතාපෙසු,+ඊ) වෙන් වීය, සමුහය කෙරෙන් වෙන් වීය. “පාරිලෙය්යකො හත්ථි එකා ගණම්හා ඔහියීති.” (පි. 232)
ඔහීලන
න. (අව+හීල+යු=අන) අධික පිළිකුල් කිරීම, වැඩි වශයෙන් පිළිකුල් කිරීම. (පි. 232)
ඔහීළීත
ති. ගරහනලද, ජාති කුලාදි වශයෙන් විශේෂයෙන් ගරහන ලද. (පි. 232)
ඔළාරික
පු. මහත්වූ, විශාලවූ, බැරෑරුම් වූ, “නව ඔලාරිකො ආහාරො.”
න. මහත්, තේරුම් ගැනීමට පහසු, “භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිර මානෙ.” (පි. 232)
ඔළාරික අඞ්ග
න. ප්‍රකටවූ අවයව, ඔළාරික අවයව. (පි. 232)
ඔළාරික අස්සාස පස්සාස
පු. මහත්වූ ආශ්වාස ප්‍රශ්වාසයන් ලොකුවට හුස්ම ඉහළට පහළට ගැනීම. (පි. 232)
ඔළාරික ආරම්මණ
න. භයානක අරමුණු, මහත් අරමුණු. (පි. 232)
ඔළාරික චිත්තසඞ්ඛාර
න. මහත් වූ චිත්ත සංඛාරයන්, වේදනා හා සංඥාස්කන්‍ධ දෙදෙන. (පි. 232)
ඔළාරික දොස
පු. මහත්වූ දෝෂයක් ලොකු වරදක්. (පි. 232)
ඔළාරික නිමිත්ත
න. මහත් නිමිති, මහත් නිමිති කිරීම. (පි. 232)
ඔළාරික රූප
න. මහත් රූපය ප්‍රකට රූපය, ඖදාරික රූපය, ඔළාරික රූප නම්:- චක්ඛු-සොත-ඝාණ-ජිව්හා-කාය- රූප-සද්ද-ගන්ධ-රස-පඨවි, ආපො, තෙජො, වායො යන දොළොස් රූපයයි. (පි. 232)
ඔළාරික විරෙචන
න. මහත් විරේකයක්, බර විරේකයක්. (පි. 232)
ඔළාරික සද්ද
න. මහත් ශබ්දය, ලොකු ශබ්දය. (පි. 232)
ඔළිගල්ල
න. ගම්දොර ගවරවල, කුණු ආදිය ගලා බස්නා වළ. (පි. 232)
ක
න. ජලය, දිය, ප්රකටාර්ථය.
ති. බ්‍රහ්ම, ශරීර, වාත, සූර්ය්ය, ගිනි, මයූර, පුරුෂ, භූමි. (පි. 232)
කං
අ. ජලය, හිස, සැපය. (පි. 232)
කංක
පු. ලෝතුඩුවා යයි ප්‍රසිද්ධ පක්ෂියා. (පි. 232)
කංස
පු. වළඳන පාත්‍රය, රත්රන්, කහනණු, මසු සතරක්. (පි. 232)
කංස කණ්ඨක
න. ලෝහොකටු, ලෝහයෙන් කළ කටු. (පි. 232)
කංසකූට
න. රත්රන් කියා පිත්තල ආදිය විකිණීමෙන් රැවටීම. (පි. 232)
කංසති
ක්‍රි. (කසි √ භු. විද්ධංසනෙ, නැසීමෙහි +ති) වධකරයි, නසයි. (පි. 232)
කංසථාල
න. කස්තලිය, ලෝහොතලිය. (පි. 232)
කංසපත්ථරික
පු. ලෝහ බඩු විකුණන්නා, රන් බඳුන් විකුණන්නා. (පි. 232)
කංසපාති
ඉ. රන් බඳුන, රත්රන් තැටිය. (පි. 232)