ක

ka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

මිශ්‍ර සිංහල හෝඩියේ විසි එක්වැනි අකුර හා පළමුවන ව්‍යංජනාක්ෂරය; අල්ප ප්‍රාණාක්ෂරයක් වූ මෙය බොටුවෙන් උපදින නිසා කණ්ඨජාක්ෂරයක් වේ.
1. නා.ප්‍ර. සිරුර; ශරීරය.
2. නා.ප්‍ර. ජලය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. වල්ගාතරුවක නාමය.
4. නා.ප්‍ර. අහස.
සර්ව. කවරෙක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කවර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ජලය, දිය, ප්‍රකටාර්ථය.
ති. බ්‍රහ්ම, ශරීර, වාත, සූර්‍ය්‍ය, ගිනි, මයූර, පුරුෂ, භූමි. (පි. 232)

Digital Pāḷi Dictionary