සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 345

ඔසිත

ති. ඉසින ලද, දිය ඉසින ලද. (පි. 231)

ඔසීදති

ක්‍රි. (අව+සිඳ √ භු. සෙතියෙ+ති) ගලායයි, කිඳාබසියි. (පි. 231)

ඔසීදන

න. ගිලීම, කිඳීම. (පි. 231)

ඔසීදාපෙමි

ක්‍රි. (අව+සි. √ භු. සෙතියෙ+මි) ගිල්වමි, ගලාපියමි. (පි. 231)

ඔහ

√ භු. චාගෙ, හෑරීමෙහි, ඔහති, හාරයි. (පි. 231)

ඔහන

න. හැරීම, සෑරීම. (පි. 231)

ඔහනති

ක්‍රි. (අව+හන √ භු. හිංසාගතිසු, හිංසා වෙහි,+ති) මල පහකරයි. (පි. 231)

ඔහර

ක්‍රි. (අව+හර √ භු. හරණෙ ගෙන යෑමෙහි +හි) පහතට ගනුව, “එතං පත්තං ඔහාර.” (පි. 231)

ඔහරණ

න. වැරදිමග ගෙනයෑම, මග වැරැද්දීම. (පි. 231)

ඔහරති

ක්‍රි. (අව+හර √ භු. හරණෙ, ගෙන යාමෙහි +ති) ගෙනයයි. (පි. 231)

ඔහරාපෙත්වා

පු.ක්‍රි. (අව+හර+ණෙ+ත්වා) ගෙන්වා ගෙන. (පි. 231)

ඔහාය

පු.ක්‍රි. (අව+හා+ත්වා=ය) හැර, අත්හැර, “සො භික්ඛු පත්තං ඔහාය පක්කාමි.” (පි. 231)

ඔහාර

පු. අවහරණය, සොරකම් කිරීම, සොරා ගැන්ම. (පි. 231)

ඔහාරණ

න. ගැනීම, හිසකෙස් කපා දැමීම. (පි. 231)

ඔහාරාපෙත්වා

පු.ක්‍රි. (අව+හර+ණපෙ+ත්වා) ඉවත් කරවා, අහක්කොට, “කෙස මස්සුං ඔහාරාපෙත්වා පබ්බජි.” (පි. 231)

ඔහාරිත

ති. බස්වන ලද, පහතට බස්සවන ලද. (පි. 231)

ඔහාරෙතබ්බ

ති. (අව+හර+ණෙ+තබ්බ) ඉවත් කළ යුතු, අහක්කළ යුතු, “උල්ලෙකං පඨමං ඔහාරෙතබ්බං.” (පි. 231)

ඔහාරෙත්වා

පු.ක්‍රි. (අව+හර+ණෙ+ත්වා) ඉවත්කර, අහක්කොට, “කෙස මස්සුං ඔහාරෙත්වා පබ්බජි.” (පි. 231)

ඔහාරෙති

ක්‍රි. (අව+හර. √ භු. හරණෙ, ගෙන යෑමෙහි +ණෙ+ති) ඉවත් කරවයි, අහක් කරවයි. (පි. 231)

ඔහිත

ති. (අව+හි+යු=අන) වෙන්වීම, වෙන්වෙණු, “කිස්ස ත්වං භගිනී එකිකා ඔහීතා.”
ති. බහාතැබූ, තැන්පත් කළ, යොමු කළ. (පි. 232)

ඔහිත පත්ත පාණි

ති. පාත්‍රයෙහි බහාලූ අත් ඇති. (පි. 231)

ඔහිත භාර

න. බහාතැබූ බර ඇති, බහාලු කෙලෙස් බර ඇති, “වුසීත වා කත කරණීයො ඔහිතභාරො.” (පි. 231)

ඔහිත සොත

න. කන්යොමු කළ, යොමු කළ කන් ඇතිව, “ඔහිත සොතොව ධම්මං සොතුං වට්ටති.” (පි. 231)

ඔහිය්‍යක

ති. හුදකලාව සිටි, “ආයස්මා කාළුදායී ඔහිය්‍යකො හොති විහාර පාලො.”
පු. ගෙය ආරක්ෂාවට තැබු තැනැත්තා, මුරකරුවා. (පි. 231)