සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 344
ඔසරති
ක්රි. (අව+සර √ භු. ගති චින්තා හිංසා සද්දෙසු+ති) (බැලීම පිණිස) යෙයි, බසියි. (පි. 230)
ඔසරෙය්ය
ක්රි. (අව+සර √ භු. ගති චිත්තා හිංසා සද්දෙසු+එය්ය) බසින්නේය, “සොගාමන්ත ඔසරෙය්ය වෙජ්ජං පස්සෙය්ය.” (පි. 230)
ඔස්ස
ති. උසස්, උතුම්. (පි. 231)
ඔස්සග්ග
ති. අත්හැර දැමූ, අත්හළ. (පි. 231)
ඔස්සජති
ක්රි. (අව+සජ. භු. ආලඞ්ගනෙ වැළඳ ගැනීමෙහි +ති) අත්හරියි, මුදාහරියි. (පි. 231)
ඔස්සජ්ජන
න. අත්හැරීම, මුදා හැරීම, ඉවත් කිරීම. (පි. 231)
ඔස්සට්ඨ
ති. (අව+සජ+ති) අත්හළ, අත්හැර දැමූ, “ඔසට්ඨ විරියං භික්ඛුං ආරම්භ කථෙසි” (පි. 231)
ඔස්සන්න
න. ගිලීම, අඩුව. (පි. 231)
ඔස්සවන
න. ගලායෑම, උතුරායෑම. (පි. 231)
ඔසාදන
න. ගැනීම, ජලය උතුරා යෑම. (පි. 230)
ඔසාදෙහි
ක්රි. (අව x සාද. භූ සාදනෙ+ණෙ+හි) ගිල්වාදමව, කිඳුවව, “ගඞ්ගාය සොතෙ ඔසාදෙහි.” (පි. 230)
ඔසාන
න. කෙළවර, අවසානය, “සමුද්ද ගමනෙ ඔසානං පස්සිතුං න. සක්කා.” (පි. 230)
ඔසාර
න. රැස්වීම, එකතුවීම, සමාගමය. (පි. 230)
ඔසාරක
පු. රක්ෂාස්ථානය, ආවරණය, මුවාව පිහිට. (පි. 230)
ඔසාරණා
ඉ. ඇතුළුවීම, පිවිසීම, ඇතුළත් කර ගැනීම. උපසම්පදා පෙක්ෂකයා කැඳවීම. ඔසාරණ කර්මය, එනම් ශික්ෂා පදය, “තෙසං යෙව කම්මානං පටිප්පස්සම්භනා වසෙන ඔසාරණා වෙදිතබ්බා.” (පි. 230)
ඔසාරණීය
ති. ඇතුළත් කරගත යුතු ඇතුළත් කටයුතු, එනම් විනය කර්මය, “සම්මාවත්තන්තස්ස ඔසාරණීයං පඤ්ඤත්තං හොති.” (පි. 230)
ඔසාරයිංසු
ක්රි. (අව+සර. √ භු. ගතියං යෑමෙහි +සු) ඇතුළු කළෝය. එල්වූහ. (පි. 230)
ඔසාරිත
ති. ඇතුළු කරන ලද, එල්වන ලද. (පි. 230)
ඔසාරීයති
ක්රි. (අව+සර. √ භු. ගතියං යාමෙහි +ඊය+ති) බැහැර කරනු ලැබේ. එල්වනු ලැබේ. (පි. 231)
ඔසාරෙති
ක්රි. (අව+සර √ භු. ගතියං, යෑමෙහි +ණ+ති) කියයි. දෙසයි, ඇතුළත් කරයි. එල්වයි, “තංචෙ සංඝො ඔසරෙති.” (පි. 231)
ඔසාසන්ති
ඉ. එනම් ශික්ෂාපදය, ඔසාසනක නම් ශික්ෂාපදය. (පි. 231)
ඔසිඤ්චති
ක්රි. (අව+සිංච √ රු. සෙවනෙ, ඉසීමෙහි +ති) ඉසියි, දිය ඉසියි, “සො භික්ඛු භික්ඛුණිං කද්දමොදකෙන ඔසිඤ්චති.” (පි. 231)
ඔසිඤ්චන
න. ඉසීම. දිය ඉසීම. (පි. 231)
ඔසිඤ්චෙය්ය
ක්රි. (අව+සිඤ්ච √ රු. සෙවනෙ ඉසීමෙහි +ණෙ+එය්ය) ඉසින්නේය. ජලය ඉසින්නේය. “සො ඔසිඤ්චෙය්ය ආපත්ති දුක්කටස්ස.” (පි. 231)