සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 343
ඔවාදපාතිමොක්ඛ
න. අවවාද ප්රාතිමොක්ෂය, දෙවැදෑරුම් පාමොක්වලින් එකක්. “ඛන්තී පරමං තපො තිතික්ඛා - නිබ්බාණං පරමං වදන්ති බුද්ධා - අධිචිත්තෙච ආයොගො එතං බුද්ධාන සාසනං” යන මේ ගාථා තුණින් පමණක් උදෙසන පාමොක් ඔවාදපාතිමොක්ඛ නම් වේ. (පි. 230)
ඔවාදසික්ඛාපද
න. එනම් ශික්ෂාපදය, සංඝ සම්මුතියක් නොලබා භික්ෂුණීන්ට අෂ්ටගරු ධර්මයෙන් අවවාදකරණ භික්ෂුවට පචිති ඇවැතක් වේ යයි පැණවූ ශික්ෂාපදය. (පි. 230)
ඔවාදාචරිය
පු. අවවාද දෙන ඇඳුරා, පස්වැදෑරුම් ඇඳුරන්ගෙන් කෙනෙක්. (පි. 230)
ඔවාදානුසාසනී
ඉ. අවවාදය හා අනුශාසනය. (පි. 230)
ඔවාදි
පු. අවවාද දෙන්නා, අනුශාසකයා. (පි. 229)
ඔවාදිත
ති. අවවාදකළ, අනුශාසනාකළ. (පි. 229)
ඔවාදුපසඞ්කමන
න. (අව+උප+සං+කම+යු=අන) අවවාදලැබීම පිණිස පැමිණීම, පොහොය කරන දිනයේදී සංඝයා වෙතින් භික්ෂුණීන් අවවාද ලබාගැනීමට පැමිණීම. “උපොසථ පුඤ්ඡකඤ්ච ඔවාදුපසඞ්කමනංච.” (පි. 230)
ඔවාදුපසම්පදා
ඉ. ඔවාදපටිග්ගහණ උපසම්පදාව, අෂ්ටවිධ උපසම්පදාවන්ගෙන් එකක්. (පි. 230)
ඔවිජ්ඣති
ක්රි. (අව+විධ √ දි. විධානෙ, විධානයෙහි +ති) විදියි, ඇනුම්පද කියයි. (පි. 230)
ඔවිජ්ඣන
න. (අව+විධ+ය+යු=අන) ඇණුම් පද කීම, ඝටා බිණීම. (පි. 230)
ඔසක්කති
ක්රි. (අව+සක. √ සු. සාමර්ත්ථයෙ, සමත් බැව්හි +ති) පසුබසියි, පරදියි. (පි. 230)
ඔසක්කී
ක්රි. (අව+සක. √ සු. සාමර්ත්ථයෙ, සමත් බැව්හි +ඊ) පසු බැස්සේය, පැරදී ගියේය. (පි. 230)
ඔසජ්ජති
ක්රි. (අව+සද. √ භු. විසරණගත්යාව සදනෙසු+ති) පිටකරයි, විහිදුවයි. (පි. 230)
ඔසට
ති. (අව+සර+ත) ගෙනහැර දැක්වූ, ඉදිරිපත් කළ, ඔප්පු කළ. (පි. 230)
ඔසණ්හෙති
ක්රි. (අව+සණ්හ. √ භු. සම්පත්ති භූසනෙසු, අලංකාර කිරීමෙහි +ණෙ+ති) පීරයි, හිසකේ පීරයි, හිස අලංකාර කරයි. (පි. 230)
ඔසධ
න. බෙහෙත්, බේත, ඔසු. (පි. 230)
ඔසධිකා
ඉ. බෙහෙත, පිළියම, වේදනා අඩුකිරීම පිණිස යොදන බෙහෙත. (පි. 230)
ඔසධිස
පු. සද, චන්ද්රයා, සඳු. (පි. 230)
ඔසධී
න. ඵලපාකාන්තලතා, ගෙඩි හටගැනීමෙන් මැරෙණ කෙසෙල් ආදි වෘක්ෂ.
ඉ. දහවත් තරුව, ඔසධී තාරකාව. (පි. 230)
ඔසධීතාරකා
ඉ. අධික ආලෝකය ඇති තාරකාව, “උස්සන්නා පභා එතාය ධීයතීති ඔසධී.” (පි. 230)
ඔසන්ත
ති. දුන්න, දානය කළ, වෙහෙසුන. (පි. 230)
ඔසප්පති
ක්රි. (අව+සප්ප √ භු. ගතියං. යෑමෙහි +ති) ආපසු යයි, මගහරියි. (පි. 230)
ඔසරක
පු. එළියට පැන්නු වහල, “අනුජානාමී භික්ඛවෙ ආළින්දං පසනං පකුඩ්ඩං ඔසරකං.” (පි. 230)
ඔසරණ
න. එකතුවීම, රැස්වීම, සමාගමය. (පි. 230)