සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 441

ඝටිකටාහ

පු. කලකබල. (පි. 280)

ඝටිකා

ඉ. පැය, දිගදණ්ඩකින් කෙටිදණ්ඩකට ගැසීමෙන් කරන ක්‍රීඩාව, ගුඩුගැසීම, සිංකෙළිය, කල්ලිගැසීම. (පි. 280)

ඝටිත

ති. ගැටුනු, එකතුවුනු. (පි. 280)

ඝටියන්ත

න. ලි‍ඳෙන් පැන් නගන යන්ත්‍රය, පොම්පය. (පි. 280)

ඝටොදන

න. සැලියෙහි පිසූබත්. (පි. 280)

ඝඩි

√ භු. වු-ඝට්ටනෙ, ගැටීමෙහි, හැපීමෙහි, ඝණ්ඩති, ඝණ්ඩෙති, ඝර්ෂණයකරයි. (පි. 280)

ඝණ්ඨා

ඉ. ගෙඩිය, ගණ්ඨාරය, සීනුව. (පි. 280)

ඝණ්ඨික

පු. බොහෝදෙනා එක්ව වක්‍රවසිට ස්තුතිකරන වන්දීහු. (පි. 280)

ඝත

න. ගිතෙල්, ගී. (පි. 280)

ඝතොද

න. මව්ගැබපිළිසිඳි සත්වයා පෙසී අස්ථාවෙන් මාරුවි කිකිලිබිජු ආකාර මස් පිඩු බවට පැමිණීම. (පි. 280)

ඝන

පු. ගනකම, යකුළ, මුගුර, මෙඝය, කුළුතාලම් ආදී තූර්‍ය්‍යභාණ්ඩ, න. නිරන්තර වස්තු, සත්බ්ධ වස්තු යනමෙහි. (පි. 280)

ඝනතම

පු. ගනඳුර, ගනාන්ධකාරය. (පි. 280)

ඝනපුප්ඵ

න. ඝනපුප් ඇතිරිය, ඝන වූ මල් ඇති ඇතිරිය. (පි. 280)

ඝනසාර

පු. කපුරු. (පි. 280)

ඝනික

පු. වළාහක දෙවියෝ. වැහිවළාකුල්. (පි. 280)

ඝනොපල

න. පාණවැස්ස, පාන්වැස්ස, අයිස්කැටවර්‍ෂාව. (පි. 280)

ඝම්ම

පු. ග්‍රීෂ්මඍතුව, උෂ්ණය, ස්වෙදජලය. (පි. 280)

ඝම්මජල

න. ඩහදිය, ග්‍රීෂ්මජලය. (පි. 280)

ඝම්මති

ක්‍රි. (ගමු=√ භු. ගතියං, යෑමෙහි +ති) යෙයි. (පි. 280)

ඝර

√ භු. සෙචනෙ, ඉසී‍මෙහි, ඝරති, ඉසියි, වැගිරෙයි.
න. ගෙය, ගෘහය. (පි. 281)

ඝරකූට

න. ගෘහකූට, කැණිමඩල. (පි. 281)

ඝරගොලිකා

ඉ. සූනා=හූනා හිකනලා. (පි. 281)

ඝරදාසිකා

ඉ. ගෙදර සේවාකාව. (පි. 281)

ඝරනී

ඉ. ගෘශිණිය, භාර්‍ය්‍යාව, බිරින්ද. (පි. 281)