ඝන

ghana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එකට බැඳී සිටින; තද; දැඩි.
2. වි. ගැවසී ගත්; බහුල ව ඇති; ගහන; අධික; මහත්.
3. වි. තුනී නොවූ; හීන් නැති.
4. වි. අමිශ්‍ර; හුදු; තනිකර.
5. වි. දියාරු නොවූ; උකු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. එකට බැඳී සිටි; කද/ බහුල ව ඇති/ තුනී නොවූ/ අමිශ්‍ර/ දියාරු නොවූ (පා. සං. ඝන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මේඝය.
3. ඝන වූ; තුනී නොවූ.
න. එකට හප්පා නාද කරන තූර්ය වර්ගය; යකඩ පොල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ගනකම, යකුළ, මුගුර, මෙඝය, කුළුතාලම් ආදී තූර්‍ය්‍යභාණ්ඩ, න. නිරන්තර වස්තු, සත්බ්ධ වස්තු යනමෙහි. (පි. 280)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bushy
2. a. close
3. adj. compact
4. a. concrete
5. a. consistent
6. a. crass
7. a. creamy
8. Phy. cube
9. adj. cubic
10. adj. cubical
11. Bot. cytoplasm
12. a. dense
13. a. earthly
14. Aes. fat
15. a. firm
16. a. gross
17. a. hard
18. a. material
19. a. solid
20. a. stout
21. a. substantial
22. a. thick
23. a. turbid
24. a. viscid
25. a. viscous

Digital Pāḷi Dictionary