බුද්ධදත්ත පාලි අකාරාදිය – 253
ඝටෙතුං
නි. උත්සාහ කරන්ට; ගළපන්ට.
ඝටෙන්ත
3. උත්සාහ කරමින්.
ඝණ්ටා
ඉ. ගණ්ඨාව; සීනුව.
ඝත
න. ගිතෙල්.
ඝතසිත්ත
3. ගිතෙල් ඉසින ලද; ගිෙතල් වත්කළ.
ඝන
පු. මේඝය.
3. ඝන වූ; තුනී නොවූ.
න. එකට හප්පා නාද කරන තූර්ය වර්ගය; යකඩ පොල්ල.
ඝනතම
3. ඉතා ඝන වූ.
න. දැඩි අඳුර.
ඝනපුප්ඵ
න. බොහෝ මල් පෙන්වා වියූ ඇතිරිය.
ඝනසාර
න. කපුරු.
ඝනොපල
න. පාණ වැස්ස; මිදි දියකැට වැස්ස.
ඝම්ම
පු. උෂ්ණ කාලය; උෂ්ණය; ග්‍රීස්මය.
ඝම්මජල
න. දහඩිය.
ඝම්මාහිතත්ත
3. උෂ්ණයෙන් වෙහෙසට පත්.
ඝර
න. ගෙය.
ඝරගොලිකා
ඉ. හූනා.
ඝරණි
ඉ. ගැහැණිය; ගෘහණිය; ගෙයි ස්වාමිනිය.
ඝරද්වාර
න. ගෙදොර; ගෙයි ඉදිරිපස; ගෙයි දොරටුව.
ඝරබන්ධන
න. ආවාහ විවාහ බන්ධනය; ගිහි බැම්ම.
ඝරමානුස
පු. ගෙයි මිනිස්සු.
ඝරසප්ප
පු. ගරඬියා.
ඝරාජීර
න. ගෙමිදුල.
ඝරාවාස
පු. ගිහිගෙයි විසීම.
ඝස
3. අනුභව කරන්නා.
ඝසති
(ඝස+අ) අනුභව කරයි; කයි.