බුද්ධදත්ත පාලි අකාරාදිය – 252

ඝටක

පු. න. කුඩා කළය; කුලුණු හිස; ගසක මොල්ලිය හෝ ගැටය; පේකඩය.

ඝටති

(ඝට+අ) උස්තසාහ කෙරේ.

ඝටන්ත

3. උත්සාහ කරන; උත්සාහ කරමින්.

ඝටනා

ඉ. ගැළපීම; පෑස්සීම.

ඝටමාන

3. උත්සාහ කරන; උත්සාහ කරමින්.

ඝට්ටන

න. කලහය; හැපීම.

ඝට්ටිත

3. හප්පන ලද.

ඝට්ටිය

පූ.ක්‍රි. එකට හප්පවා; එකට හප්පා.

ඝට්ටෙත්වා

පූ.ක්‍රි. එකට හප්පවා; එක‍ට හප්පා.

ඝට්ටෙති

(ඝට්ට+ණෙ) එකට උළයි; වද්දවයි; හප්පයි.

ඝට්ටෙතුං

නි. එකට හපන්ට.

ඝට්ටෙන්ත

3. හප්පවන; හප්පවමින්.

ඝටා

ඉ. පෙළ; සමූහය.

ඝටිකා

ඉ. කල්ලි ගැසීම; ගුළිය; පැය; මොල්ලිය.

ඝටිකායන්ත

න. ඔරලෝසුව; පෑතැටිය; වේලාව දක්වන යන්ත්‍රය.

ඝටිත

3. ගැළපූ; සන්ධිකළ.

ඝටිත්වා

පූ.ක්‍රි. උත්සාහ කොට.

ඝටී

ඉ. කළය; මුට්ටිය.

ඝටීකාර

පු. වළන් සාදන්නා.

ඝටීයති

(ඝට+ඊ+ය) ගැළපේ; සන්ධි කරනු ලැබේ.

ඝටීයන්ත

න. ජලය උඩට නගන යන්ත්‍රය.

ඝටෙතබ්බ

3. උත්සාහ කළ යුතු.

ඝටෙත්වා

පූ.ක්‍රි. උත්සාහ කොට; ගළපා.

ඝටෙති

(ඝට+ණෙ) උත්සාහ කරයි; ගළපයි.