අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 114
ගෞරවාර්ථය
නා. ගෞරවය ප්රකාශ වන අරුත
ගෞරවාර්හ
වි. ගරු කටයුතු; මානනීය
ගෞරවාස්පද
වි. ගෞරවය ලැබීමට සුදුසු
ගෞලී ශාස්ත්රය
නා. හූනන් හැඬීම, වැටීම අනුව සිදුවන පලාපල පවසන ශාස්ත්රය (සං. ගෞලී)
ඝටනාව
1. නා. එකට ගැළපීම; ඝට්ටනය/ උත්සාහය; ප්රයත්නය (පා. ඝටන) 2. ගැළපීම; සන්ධානය/ ප්රබන්ධය; රචනය (සං. ඝටන, ඝටනා)
ඝටය
නා. කළය/ මිනුම් ප්රමාණයක නාමය; ද්රෝණය (පා. සං. ඝට)
ඝට්ටනය
නා. එකිනෙක හැපීම (පා. සං. ඝට්ටන)
ඝටාකාර
වි. කළයක හැඩය ඇති (පා. ඝටාකාර)
ඝටිකා යන්ත්රය
නා. වේලාව දක්වන යන්ත්රය; ඔරලෝසුව; පෑතැටිය (සං. ඝටීකා යන්ත්ර)
ඝටිකාව
1. නා. කුඩා කළය; කුඩා බඳුන/ බෙහෙත් ගුළිය/ සිංහල පැයක හෙවත් මිනිත්තු 24 ක කාලය/ වළලුකර (පා. සං. ඝටිකා) 2. කල්ලි ක්රීඩාව/ සැරයටි ආදියෙහි ඇති විල්ල (පා. ඝටිකා)
ඝණ්ටාව
නා. ලෝකඩින් නිර්මිත ගැඹුරු හඬ නංවන සීනුව (සං. ඝණ්ටා)
ඝණ්ටාස්තම්භය
නා. ඝණ්ටාවක් සවි කළ කුලුන
ඝන
වි. එකට බැඳී සිටි; කද/ බහුල ව ඇති/ තුනී නොවූ/ අමිශ්ර/ දියාරු නොවූ (පා. සං. ඝන)
ඝන ද්රාවණය
නා. සංඝටක දෙකක හෝ වැඩී ගණනක හෝ ඝන සමජාතීය මිශ්රණය
ඝනකය
නා. සමාන සමචතුරස්ර මුහුණත් හයකින් යුත් වස්තුව
ඝනකාභය
නා. ඍජුකෝණාස්ර මුහුණත් හයක් ඇති ඝන වස්තුව
ඝනත්වය
නා. යම් ද්රව්යයක පරිමා ඒකකයක ස්කන්ධය
ඝනඵලය
නා. පරිමාව (සං. ඝනඵල)
ඝනමූලය
නා. කිසියම් සංඛ්යාවක් ලැබීම පිණිස තුන් වැනි බලයට පැමිණවිය යුතු සංඛ්යාව (සං. ඝනමූල)
ඝනාන්ධකාරය
නා. ගන අඳුර; තද කළුවර
ඝනීකරණය
නා. වායුවක් හෝ වාෂ්පයක් ද්රව බවට හැරවීම නැතහොත් වඩාත් ඝන බවට පත් කිරීම
ඝනීභවනය
නා. ජල වාෂ්ප ආදීන්ගේ අනු එකතුව ද්රව බවට පත්වීම/ ද්රව උකු බවට පත්වීම
ඝනීභූත
වි. ඝන වූ; එකට කැටි ගැසුණු; ඝන බවට පත් වූ (සං. ඝනීභුත)
ඝර
නා.ප්ර. වාසස්ථානය; නිවස (පා. සං. ඝර)