ඝනීභවනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජලවාෂ්ප ආදියෙහි අණු එකතු ව ද්‍රව බවට පත් වීම; වායුවක් හෝ වාෂ්පයක් ද්‍රවයක් බවට පෙරළීම හෝ ද්‍රවයක් උකු බවට නැතහොත් ඝන බවට පත්වීම; අණු කැටි ගැසීම; වාෂ්ප ලෙස පවතින අණු එකිනෙක ආකර්ෂණය වී ද්‍රව බවට පත්වීමේ අවස්ථා විපර්යාසය (=condensation).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජල වාෂ්ප ආදීන්ගේ අනු එකතුව ද්‍රව බවට පත්වීම/ ද්‍රව උකු බවට පත්වීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. condensation
2. crystallization
3. Phy. solidification