සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 620
ඝනාන්ධකාර
වි. ඝන අන්ධකාර; ගන අඳුරින් යුත් තද කළුවර ඇති.
නා.ප්ර. ගන අඳුර; තද කළුවර; දැඩි අඳුර.
ඝනාහ
වි. ඝනයක හැඩයෙන් යුත්.
ඝනීකරණය
1. (පාරිභා.) නා. වායුවක් හෝ වාෂ්පයක් ද්රව බවට හැරවීම නැතහොත්, වඩාත් ඝන බවට පත් කිරීම (= condensation).
2. නා. ද්රවයක් ඝන ද්රව්යයක් බවට පත් කිරීම; ඝන කිරීම; උකු කිරීම; කැටි ගැස්සීම (= solidification).
ඝනීකාර
වි. ඝන බවට පත් කරන; ඝන කරන; (ආලෝකය) එක්තැන් කරන; කැටි කරන.
ඝනීකාර කාචය
(පාරිභා.) නා. යම් වස්තුවක් මත ආලෝකය සාන්ද්ර කිරීමට ගනු ලබන කෙටි නාභීය දුරක් සහිත කාචය; ආලෝකය එක්තැන් කොට කැටිකර දක්වන ලෙන්සය (=condensing lens).
ඝනීකෘත
වි. ඝන කරන ලද; ඝන බවට පමුණුවන ලද; උකු කළ,
ඝනීභවනය
නා. ජලවාෂ්ප ආදියෙහි අණු එකතු ව ද්රව බවට පත් වීම; වායුවක් හෝ වාෂ්පයක් ද්රවයක් බවට පෙරළීම හෝ ද්රවයක් උකු බවට නැතහොත් ඝන බවට පත්වීම; අණු කැටි ගැසීම; වාෂ්ප ලෙස පවතින අණු එකිනෙක ආකර්ෂණය වී ද්රව බවට පත්වීමේ අවස්ථා විපර්යාසය (=condensation).
ඝනීභාවය
නා. රසායනික සංයෝගයක් ඝනබවට පත්වීම; කැටි ගැසී සිටීම.
ඝනීභූත
වි. ඝන වූ; ඝන බවට පත් වූ; එකට කැටි ගැසුණු.
ඝනෝදධිය
ඝර
නා.ප්ර. වාසස්ථානය; ගෙය; ගෘහය; වහලෙන් වතුර වැටෙන සීමාව සහිත නිවස.
ඝර ප්රවේශය
නා. ගෙට පිවිසීම; ගෙවදීම; ගෘහ ප්රවේශය.
ඝර බන්ධනය
නා. ගිහි බැඳුමෙන් එක්වීම; ගෘහ බන්ධනය; අඹුසැමි ජීවිතය.
ඝර සම්බාධය
නා. ගිහි ගෙයි විසීමේ අවහිරය; ගෘහ ජීවිතයේ ඇති අනවකාශය; ගෘහ සම්බාධය.
ඝරණිය
නා. ගෙදර ස්ත්රිය; ගෘහණිය.
ඝරද්වාරය
නා. ගෙයින් මිදුලට බසින ඉදිරි දොර. එම දොර ඉදිරිපිට නුදුරු පරිසරය; දොරකඩ.
ඝරදාසිය
නා. ගෙදර වැඩ කාරිය; ගෘහ දාසිය.
ඝර්ම
වි. දැඩි තාපය ඇති; ග්රීෂ්මයෙන් යුක්ත; උෂ්ණවත්.
1. නා.ප්ර. අවුරස්නය; ගිමන; උෂ්ණය.
2. නා.ප්ර. ග්රීෂ්ම සෘතුව; ගිම්හානය.
ඝර්ම කලාපය
නා. පෘථිවි ගෝලයේ කර්කටක හා මකර නිවර්තන අතර ප්රදේශය; ග්රීෂ්ම කලාපය; උෂ්ණ කලාපය; නිවර්තන කලාපය.
ඝර්ම කාලය
නා. අවු රස්නය වැඩි කාලය; ගිම්කල.
ඝර්මකාරක
වි. (වෙද හෙදකමක් වශයෙන්) දාහය ඇති කරන; ඩහදිය උපදවන; ස්වේද ජනක.
ඝර්මනිඃසරණය
නා. (වෛද්ය ප්රතිකාරයක් වශයෙන්) ශරීරයෙහි උණුසුම පිට කරවීම; ශරීර දාහය පහ කිරීම; ඩහදිය ගැන්වීම.
ඝර්මාහිතප්ත
වි. ග්රීෂ්මයෙන් දැඩි සේ තැවීමට පත්; අවුරස්නයෙන් දැඩි ලෙස තැවුණු.
ඝර්ෂණ ආලෝකය
(පාරිභා.) නා. ද්රව්ය දෙකක් එකට එක ගැටීමේ දී එයින් හටගන්නා ආලෝකය (=triboluminescence).