සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 621
ඝර්ෂණ එලවුම
(පාරිභා.) නා. එක් කැරකෙන රෝදයක් දෙවන රෝදයක් මත තෙරපීමේ දී ඇති වන ඝර්ෂණයෙන් නිපදවෙන බලය (=friction drive).
ඝර්ෂණ කෝණය
(පාරිභා.) නා. යම් ද්රව්ය දෙකකින් එකක් අනෙක මත ලිස්සා යාමට පටන් ගැනීමේ දී ද්රව්ය දෙක ගැටෙන පෘෂ්ඨයත් තිරස් තලයත් අතර ඇති වන කෝණය (=angle of friction).
ඝර්ෂණ බලය
(පාරිභා.) නා. ඝර්ෂණයෙන් නිපදවෙන බලය (=force of friction).
ඝර්ෂණ මානය
(පාරිභා.) නා. ඝර්ෂණය මැනීමේ උපකරණයක් (=tribometer).
ඝර්ෂණ විද්යුතය
(පාරිභා.) නා. පරිවාරක ද්රව්ය දෙකක් එකිනෙකට ඇතිල්ලීමේ දී ජනිත වන විද්යුත් ශක්තිය (=frictional electricity).
ඝර්ෂණය
1. නා. ගැටීම; ඝට්ටනය වීම; ඇතිල්ලීම; හැපීම.
2. (පාරිභා.) නා. පෘෂ්ඨ දෙකක් එකිනෙක ස්පර්ශ ව තිබෙන විට, එක් පෘෂ්ඨයක චලනයට විරුද්ධ ව අනික පානා බලය; යම් පෘෂ්ඨයක් වෙනත් පෘෂ්ඨයක ගෑවී තිබිය දී චලිත වන්නේ නම්, ඒ චලිතයට ප්රතිරෝධී ක්රියා කෙරෙන බලය (=friction).
ඝරාවාසය
නා. පවුල් ජීවිතය; ගෘහ ජීවිතය; ගිහි වාසය.
ඝරූපචාරය
1. නා. ගෙට අයත් බිමේ මායිම; ගෘහෝපචාරය.
2. නා. ගමේ අන්තිම ගෙයි දොරකඩ සිටි ස්ත්රියක විසි කළ ඉඳුල් දිය වැටුණු තැන හෙවත් එතැන සිට ගෙය තෙක් අතර බිම් පෙදෙස.
3. නා. ගෙවත්ත වෙන් වන වැට මායිම, එතැන සිට ගෙය තෙක් අතර බිම් පෙදෙස; ගෘහප්රාකාර සීමාව.
ඝ්රාණද්වාරය
නා. ආඝ්රාණ ආරම්මණයන් සිතට වැද්ද ගැනීමෙහි ලා දොරටුවක් වැනි වූ නාසය.
ඝ්රාණදාහය
(පාරිභා.) නා. නාසික ශ්ලේෂමල පටලයේ ප්රදාහය (=rhinitis).
ඝ්රාණප්රසාදය
නා. (අභි.) සුගඳ දුගඳ දැනගැනීමේ සියුම් ඉන්ද්රිය ශක්තිය දරන තැන.
ඝ්රාණය
නා. ගඳ සුවඳ දැනෙන ඉන්ද්රිය; නාසය; ඝ්රාණේන්ද්රිය.
ඝාතකයා
නා. මරන්නා ඝාතනය කරන්නා.
ඝාතන කර්මය
නා. නැසීම් සංඛ්යාත (අකුශල) කර්මය; ඝාතන ක්රියාව; දිවි නැති කිරීම; මැරීම.
ඝාතනය
නා. දිවි තොර කිරීම; මැරීම; නැසීම.
ඝාතය
1. නා. මැරීම; නැසීම; ඝාතනය.
2. නා. ගැසීම; පහරදීම; ප්රහරණය.
3. නා. ගැටීම; හැපීම; ඝට්ටනය.
4. (පාරිභා.) නා. සංඛ්යා දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක ගුණ කිරීමෙන් ලැබෙන උත්තරය; ගුණකය ගුණ්යයෙන් වැඩි ඵලය; ගුණිතය.
5. (පාරිභා.) නා. මූල ලකුණකට (√ ) ඉහළින් යොදන කවර මූලයදැයි හඟවන සංඛ්යාව (නිද. 3√ 9 හි 3); රාශියක් කී වරක් එයින් ගුණවිය යුතු දැයි හඟවන, ඊට ඉහළින් දකුණු පසින් කුඩා ඉලක්කමෙන් දක්වන සංඛ්යාව (නිද. 107 හි 7 දර්ශකය).
ඝාතය කරනවා
ක්රි. මරනවා; නසනවා; ඝාතනය කරනවා.
ඝාතස්ථානය
නා. ගව ආදි සතුන් (මසට) මරන ස්ථානය; මස් මඩුව; ඝාතන ස්ථානය.
ඝාතිත
වි. නැසූ; නසන ලද; ඝාතනය කරන ලද.
ඝාතිම
වි. නසන; ඝාතනය කරන.
ඝාතීය
වි. ඝාතය හෙවත් දර්ශකය පිළිබඳ වූ.
ඝාතුකයා
නා. නපුරා; ක්රෑර තැනැත්තා; හිංසා කරන්නා.
ඝාන
නා.ප්ර. ගඳ සුවඳ දනවන ශරීර ඉන්ද්රියය; නාසය; ඝ්රාණය.
ඝාන වස්තුව
නා. (අභි.) ගඳ සුවඳ අරමුණු කොට ගත් චිත්ත චෛතසිකයන්ට විෂය වූ ස්ථානය; ඝ්රාණ ප්රසාදය.