සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 622
ඝානද්වාර
නා.ප්ර. ගඳ සුවඳ අරමුණු ගැටෙන ස්ථානය; ඝ්රාණප්රසාදය.
ඝානද්වාරික
වි. (ගඳ සුවඳ අරමුණු නිසා) ඝාන ද්වාරයෙහි උපදින.
ඝානවිඤ්ඤෙය්ය
වි. නැහැයෙන් දත යුතු; ඝ්රාණේන්ද්රිය මගින් දැන ගත යුතු.
ඝානසන්ධිය
නා. ඇස හා නාසය යා වන සන්ධි ස්ථානය.
ඝානායතනය
නා. ඝාන විඤ්ඤාණයට උත්පත්ති ස්ථාන වූ ඝ්රාණේන්ද්රිය.
ඝානින්ද්රිය
නා.ප්ර. ගඳ සුවඳ දැන ගැනීමේ ඉන්ද්රියය.
ඝායන
නා.ප්ර. ගඳ සුවඳ දැනීම; ආඝ්රාණය.
ඝාසච්ඡාදන
නා.ප්ර. කෑම හා ඇඳුම්; භෝජන හා වස්ත්ර.
ඝුක
නා.ප්ර. කූඩැල්ලා; පූඩාවා.
ඝුණ
නා.ප්ර. කඳ පණුවා; ලී පණුවා; ගුල්ලා.
ඝුෂිත
වි. හඬ නැඟූ; ප්රකාශිත; ඝෝෂණය කරන ලද.
ඝූර්ණ නියමය
නා. බලයක හෝ චුම්බකයක ඝූර්ණය පිළිබඳ නියමය.
ඝූර්ණය
1. (පාරිභා.) නා. වස්තුවක් හැරවීම සඳහා බලයකින් ඇති කරන ප්රවණතා ප්රමාණය; යමකට බලයක් යෙදීම නිසා ඇති වන කරකැවීමේ වේගය; භාමකත්වය (=moment).
2. නා. චුම්බකයක එක් ධ්රැවයක ප්රබලතාවෙහිත් චුම්බකයේ ධ්රැව අතර දුරෙහිත් ගුණිතය
(=magnetic moment).
3. නා. බල යුග්මයට අයත් බලයක විශාලත්වයේත් බල දෙක අතර ලම්බ දුරෙහිත් ගුණිතය (=moment of couple).
ඝූර්ණිත
වි. ඔබ මොබ චලනය කරවන ලද; පෙරළා දැමූ; කරකවන ලද.
ඝෘණි
නා.ප්ර. ආලෝක ධාරා; රැස්; රශ්මි.
ඝොසනවා
ක්රි. හඬ නඟා පවසනවා; ඝෝෂා කරනවා.
ඝොසුවා
නා. ඝෝෂාව පවත්වන්නා; හඬ නංවන්නා.
ඝෝර
1. වි. බිය උපදවන; භයානක; බිහිසුණු; දරුණු; රෞද්ර.
2. වි. දැඩි; උග්ර.
ඝෝරය
නි. බිහිසුණු බව; භීතිය; භයානක කම.
ඝෝරයා
නා. ශිව දෙවියා.
ඝෝරවිෂ
නා.ප්ර. සර්පාදින්ගේ දළෙහි වූ විෂ; උග්ර විෂ.
ඝෝෂකය
(පාරිභා.) නා. ශබ්ද නැංවීමේ දී කම්පනය වන (උගුරේ පිහිටි) තන්තු ගොනුව; ස්වර තන්තු (=vocal-cords).
ඝෝෂකයා
1. නා. රාජාඥාදි නිවේදන ජනතාවට සැළ කරන්නා.
2. නා. හඬ නඟා උසාවියේ දී අධිකරණ නිවේදන පවසන නිලධාරියා.
ඝෝෂණය
නා. හඬ; නාදය; ඝෝෂාව; කෑ ගැසීම; හඬ නැඟීම.