සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 623

ඝෝෂප්‍රසන්න

නා.ප්‍ර. යම්කිසි පුද්ගලයකුගේ කීර්ති ඝෝෂය අසා එයින් ම පහදින තැනැත්තා.

ඝෝෂය

1. නා. උස් හඬ; කෑගැසිල්ල; ගුම්හඬ.
2. නා. ගුණරාවය; කිතුගොස.
3. නා. ස්වරතන්තු තදින් කම්පනය කරගෙන උපදින අකුර; ඝෝෂශබ්දය; ගොසකුර.
4. නා. ගොපලුන් වසන ගම; ගොපලුගම.
5. නා. ගවයින්ගේ ලැගුම්පළ; ගාල.

ඝෝෂාක්ෂර

නා.ප්‍ර. ස්වර තන්තු කම්පනය කරගෙන උච්චාරණය වන ශබ්ද විශේෂය; ගොසකුර; වර්ගයන්ගේ තුන්වැනි හතරවැනි පස්වැනි අකුරු (ග්, ඝ්, ඞ්, ක්‍ධ්, ඤ්, ඩ්, ඪ්, ණ්, ද්, ධ්, න්, බ්, හ්, ම්) ද ය්, ඊ, ල්, ව්, හ්, ළ් හා අනුස්වාරය ද මේ ගණයට අයත් ය.

ඝෝෂාව

1. නා. උස් හඬ; කෑගැසීම; ඝෝෂය.
2. (පාරිභා.) නා. පිපිරීම් ලී කැබලි එකට ගැටීම ආදී විෂමාකාර කම්පනවලින් ඇතිවන හඬ (=noice).

ඞ

'ක' වර්ගයේ පස්වැනි අකුර; මිශ්‍ර සිංහල හෝඩියේ විසිපස් වන අක්ෂරය; සාමාන්‍යයෙන් මෙම අක්ෂරය යොදන්නේ 'ක.' වර්ග අක්ෂර සංයෝගයෙහිය; ලඞ්කා, එඞ්ගලන්තය, සඞ්ඝ මෙනි. විකල්පයෙන් 'ඞ්' වෙනුවට අනුස්වාරය (ං) ද ලියනු ලැබේ

ඟ

සඤ්ඤක ගයන්න; මිශ්‍ර සිංහල අක්ෂර මාලාවේ විසිහය වන අකුර; අර්ධ අනුනාසිකාක්ෂරයකි; ගඞ්ගා, රඞ්ග වැනි මාතෘ භාෂාගත වචන සිංහලයට බිඳී ඒමේ දී 'ඞ්' යන්න අර්ධ අනුනාසික ස්වරූපය ගනී.

ච

මිශ්‍ර සිංහල හෝඩියේ විසිහත් වන අකුර; 'ච' වර්ගයේ මුල අකුර; අල්පප්‍රාණ, අඝෝෂ, තාලුජාක්ෂරයකි; හුදු ගාත්‍රාක්ෂරය 'ච්' වුවත් උච්චාරණ පහසුව සලකා එය සාමාන්‍ය ව්‍යවහාරය අනුව 'ච' (ච්+අ = ච) වශයෙන් '1.' ස්වරය එක්කොට සඳහන් කරනු ලැබේ.

චංචල

1. වි. සෙලවෙන; සැලෙන; සසල වන.
2. වි. වෙනස්වන; අස්ථිර; ස්ථාවරත්වයක් නැති.

චංචල්‍යය

1. නා. චංචල භාවය; සසලබව; නොසන්සුන්කම.
2. නා. චපලකම.

චක්ක

නා.ප්‍ර. රෝදය; චක්‍රය.

චක්කපාණි

නා.ප්‍ර. චක්‍රයක් අතින් දරන්නා; විෂ්ණු දෙවි.

චක්කරය

1. (කථා.) නා. ක්‍රමානුකූලව සකස් කරන ලද තොරතුරු, කරුණු, ගණන් ආදියේ ලැයිස්තුව; විශේෂයෙන් කටපාඩම් කර ගැනීම සඳහා සකස් ව ඇති දෙකේ සිට ඉහළට (සාමාන්‍යයෙන් 12 තෙක්) ගණන් ගුණිත වන අයුරු දැක්වෙන ගණිත වගුව.
2. නා. අටලෝදහම නමැති චක්‍රය; වාසනාව.

චක්කවත්ති

නා.ප්‍ර. සක්විති රජ; චක්‍රවර්ති.

චක්කවාළ

1. නා.ප්‍ර. සක්වළ.
2. නා.ප්‍ර. සක්වළපව්ව; චක්‍රවාටය.

චක්ඛායතනය

නා. (අභි.) ඇස නැමති ආයතනය; චක්ෂුස් ප්‍රසාදය.

චක්ඛු

නා.ප්‍ර. ඇස; අක්ෂිය.

චක්ඛු විඤ්ඤාණය

නා. (අභි.) චක්ෂුඃප්‍රසාදය රූපය හා ගැටුණු විට ඒ ඇසුරින් උපදින සිත.

චක්ඛුන්ද්‍රිය

නා. චක්ෂුර් ඉන්ද්‍රිය; ඇස නමැති ඉන්ද්‍රිය; දැකීමේ ඉන්ද්‍රිය; ඇස.

චක්ඛුමන්තු

නා.ප්‍ර. නුවණැස් ඇත්තා; බුදුරජාණන් වහන්සේ.

චක්ගුඩු

නා.ප්‍ර. දෙපිළකට බෙදී කෙරෙන ගම්බද ක්‍රීඩාවක්; චග්ගුඩු ඇල්ලීම.

චක්ෂණය

නා. දැකීම; මසැසින් හෝ නැණැසින් දැකීම.

චක්ෂය

නා. නාට්‍ය කලාවේ දී උපයෝගී වන දෙතිස් රාගවලින් එකක්.

චක්ෂු

නා.ප්‍ර. ඇස; දර්ශනේන්ද්‍රිය.

චක්ෂු මෝහනය

නා. ඇස් රැවටීම; ඇස් වසග කිරීම.