ඝෝෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උස් හඬ; කෑගැසිල්ල; ගුම්හඬ.
2. නා. ගුණරාවය; කිතුගොස.
3. නා. ස්වරතන්තු තදින් කම්පනය කරගෙන උපදින අකුර; ඝෝෂශබ්දය; ගොසකුර.
4. නා. ගොපලුන් වසන ගම; ගොපලුගම.
5. නා. ගවයින්ගේ ලැගුම්පළ; ගාල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උස් හඬ; කෑගැසිල්ල/ ස්වර තන්තු තදින් කම්පනය කරගෙන උපදින අකුර; ඝෝෂාක්ෂරය (සං. ඝොෂ)