අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 115
ඝර්ම
වි. දැඩි තාපය ඇති (සං. ඝර්ම)
ඝර්ෂණය
නා. ගැටීම; ඇතිල්ලීම (සං. ඝර්ෂණ)
ඝ්රාණේන්ද්රිය
නා.ප්ර. ගඳ සුවඳ දැන ගැනීමේ ඉන්ද්රිය; නාසය (සං. ඝ්රාණෙන්ද්රිය)
ඝාතනය
නා. දිවි තොර කිරීම; මරා දැමීම (පා. සං. ඝාතන)
ඝාන
නා.ප්ර. නාසය (පා. ඝන)
ඝානින්ද්රිය
නා.ප්ර. ගඳ සුවඳ දැන ගැනීමේ ඉන්ද්රිය (පා. ඝානින්ද්රිය)
ඝුණාක්ෂර
නා.බහු. ගුලු අකුරු (සං. ඝුණාක්ෂර)
ඝෘතය
නා. ගිතෙල්; එළඟිතෙල් (සං. ඝෘත)
ඝෝර
වි. භයානක; බිහිසුණු; රෞද්ර/ ඉතා තද; දැඩි (සං. ඝොර)
ඝෝෂය
නා. උස් හඬ; කෑගැසිල්ල/ ස්වර තන්තු තදින් කම්පනය කරගෙන උපදින අකුර; ඝෝෂාක්ෂරය (සං. ඝොෂ)
ඝෝෂාක්ෂර
නා.ප්ර. ස්වරතන්ත්රි ආදීන් කම්පනය කරගෙන උච්චාරණය කෙරෙන අක්ෂර; ඝෝෂාවක් සහිත ව හැඬවෙන අක්ෂර
ඝෝෂාව
නා. උස් හඬ
චංක්රමණය
නා. සක්මන් කිරීම/ සක්මන් කිරීමට තැනූ සම බිම් තීරය; සක්මන් මළුව (සං. චඞ්ක්රමණ)
චංචල
වි. සෙලවෙන; සැලෙන/ වෙන්වන; අස්ථිර (පා. සං. චඤ්චල)
චක්ඛු
නා.ප්ර. ඇස; දැකීමේ ඉන්ද්රිය (පා. චක්ඛු)
චක්ෂු
නා.ප්ර. ඇස; දැකීමේ ඉන්ද්රිය (සං. චක්ෂු)
චක්ෂුස
නා. ඇස (සං. චක්ෂුස්)
චක්ර ලක්ෂණය
නා. බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකක්; සක් ලකුණ
චක්රපාණි
නා. චක්රයක් අතින් දරන්නා; විෂ්ණු දෙවිඳු (සං. චක්රපාණි)
චක්රය
නා. රෝදය/ කවය; වළල්ල/ නැවත නැවත සිදුවන සිද්ධි මාලාව (සං. චක්ර)
චක්රලේඛය
නා. නියමිත පිරිසකට යැවෙන රජයේ නිවේදනය
චක්රවර්ති
නා.ප්ර. සක්විති රජ (සං. චක්රවර්තීන්)
චක්රවාටය
නා. එක් සූර්ය මණ්ඩලයක හා චන්ද්ර මණ්ඩලයක ආලෝකය පැතිරෙන ප්රමාණයේ ලෝකධාතුව; සක්වළ (සං. චක්රවාට)
චක්රවාලය
නා. සක්වළ පව්ව/ සමුද්රය කෙළවර කොට ඇති ලෝකය (සං. චක්රවාල)