සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 619
ඝන සිලින්ඩරය
(පාරිභා.) නා. ලීයෙන් හෝ ලෝහයෙන් හෝ සාදන ලද කුහර රහිත සිලින්ඩරය හෙවත් ඒකාකාර හරස්කඩතින් යුක්ත ඝනය (=solid cylinder).
ඝන සෙන්ටිමීටරය
නා. මීටර ක්රමයෙන් පරිමාව මැනීමේ ඒකකයක්; වස්තුවක ඝනත්වය සටහන් කිරීමේ සෙන්ටිමීටර ග්රෑම් ක්රමයේ සංඛ්යාවලින් එම වස්තුවේ ඝනත්වය ප්රකාශ කිරීමට උපයෝගී කරගන්නා මිනුම.
ඝනකනක
නා.ප්ර. තනි රත්රන්; අමිශ්ර ස්වර්ණ; මිශ්ර නොවූ රන්.
ඝනකය
නා. සමචතුරශ්ර මුහුණත් හයකින් යුතු වූ වස්තුව; කියුබය.
ඝනකරණිය
1. (පාරිභා.) නා. අනන්ත වූ ඝනමූලයක් සහිත සංඛ්යාව; ඝන මූලය.
2. නා. අපරිමේය වූ සංඛ්යාව (=cubic surd).
ඝනකාකාර
වි. ඝනකයක හැඩය ඇති; ඝනකයක් වැනි (=cubical).
ඝනකාභය
නා. ඝනකයක ආකාරය ගත් ඝන වස්තුව; සෘජු කෝණාශ්ර මුහුණත්වලින් යුතු ඝන වස්තුව.
ඝනච්ඡායාව
1. නා. අඳුරු රුක් සෙවණ; තද අඳුරු සෙවණැල්ල; ඝන සෙවණැල්ල.
2. (පාරිභා.) නා. චන්ද්රග්රහණයක දී සඳ මත වැටෙන පොළොවේ සෙවණැල්ල හෝ සූර්යග්රහණයක දී පොළොව මත වැටෙන චන්ද්රයාගේ සෙවණැල්ල; පූර්ණ ඡායාව (= umbra).
ඝනච්ඡේදන ශිල්පය
නා. දැඩි දේවල් කපා හාරා මූර්ති නිර්මාණය කිරීමේ ශිල්පය.
ඝනත්වය
(පාරිභා.) නා. යම් ද්රව්යයක පරිමා ඒකකයක ස්කන්ධය (=density).
ඝනනිල
වි. අතිශයින් නීල වර්ණ වූ; තද නිල්පැහැති.
ඝනප්රසාරණ සංගුණකය
(පාරිභා.) නා. යම් ද්රව්යයක උෂ්ණත්වය සෙන්ටිග්රේඩ් අංශක එකකින් වෙනස් වූ විට ඒ ද්රව්යයෙන් සෑදුණු වස්තුවක් මුල් පරිමාවෙන් කවර භාගයකින් ප්රසාරණය වන්නේ දැයි දැක්වෙන සංඛ්යාව (=coefficient of cubical expansion).
ඝනපාකය
නා. උකු වන තුරු පිසීම.
ඝනපුප්
නා.ප්ර. ගන කොට නඟා වියූ මල්.
ඝනපුප් ඇතිරිය
නා. ගන කොට මල් දමා එළුලොමින් සැකසූ ඇතිරිල්ල.
ඝනඵලය
(පාරිභා.) නා. කිසියම් ද්රව්යයක ප්රමාණය ද්රවයක් සඳහා (අවකාශයෙහි) වෙන් වන ඉඩ ප්රමාණය; පරිමාව (=volume).
ඝනභාව රාගියා
නා. (ශරීරයෙහි) ස්ථිර භාවයට හෝ ශක්තිමත් භාවයට ඇලුම් කරන්නා; සිරුර තිර යැයි සලකා එයට රාග උපදවන්නා.
ඝනභාවය
නා. යම් වස්තුවක ස්ථිරත්වය; ශක්තිමත් බව; දැඩි ගතිය.
ඝනමානක
වි. ගනකම මනින්නා වූ.
ඝනය
1. නා. ද්රව හෝ වායු නොවන ස්ථිර හැඩයක් ඇති වස්තුව; දැඩි ඝනකමින් යුත් ද්රව්යය; ඝන වස්තුව.
2. නා. සංඛ්යාවක් එම සංඛ්යාවෙන් දෙවරක් ගුණ කිරීමෙන් ලැබෙන ඵලය; සංඛ්යාවක තුන්වැනි බලය.
3. නා. සමචතුරස්රාකාර පැති හයක් ඇති ඝන රූපය; ජ්යාමිතික ඝන වස්තුව; කියුබය.
4. නා. ඝනභාවය; ගනකම.
5. නා. ඝන අවස්ථාවට පත් කලල රූපය; වැඩෙන දරු ගැබෙහි අවස්ථා පහෙන් හතර වැන්න.
6. නා. වලාකුළ; මේඝය; අභ්රය.
7. නා. මිහිරි නාද නඟන සීනු කයිතාලම් ආදිය.
ඝනස්ථිතිය
නා. ද්රව්යයක පරිමාවේ ඒකකයක ස්කන්ධය; ඝනත්වය.
ඝනසාර
නා.ප්ර. කපුර.
ඝනාගමය
නා. මේඝ කාලයාගේ දී පැමිණීම; වර්ෂා සෘතුව එළඹීම.
ඝනාඝන
නා.ප්ර. ඝන වලාකුළ; ගන මේකුළ; වැහි වලාකුළ.