සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 618
ඝන අවස්ථාව
1. නා. උෂ්ණත්ව ප්රමාණ ආදියෙහි බලපෑම අනුව ද්රවයක් තද බවට පත් අවධිය.
2. නා. කලල රූපය තද බවට පත් වන අවධිය.
3. නා. වැසි පවත්නා කාලය.
ඝන ආහාරය
නා. දියර වශයෙන් නොවූ ආහාරය; බර ආහාරය; දිරවීමට අපහසු ආහාරය.
ඝන කරනවා
1. ක්රි. ගන කරනවා; දියාරු නොවන සේ සලසනවා.
2. ක්රි. තද බවට පත් කරනවා.
3. ක්රි. ද්රවයක් (වාෂ්ප ඉවත් කිරීමාදියෙන්) උකු කරනවා; කැටි කරනවා.
ඝන කාලය
නා. වැහි කාලය; වර්ෂා සමය.
ඝන කේතුව
(පාරිභා.) නා. වෘත්තාකාර පතුලක් සහ ක්රමයෙන් සිහින් වූ මුදුනක් සහිත ඝන වස්තුව; කේත්වාකාර ඝන වස්තුව (=solid cone).
ඝන කෝණය
(පාරිභා.) නා. ඝනයක හෝ කේතුවක මුල්ල (=solid angle).
ඝන ගර්ජිතය
නා. වැහි ගිගිරුම, මේඝනාදය; මේඝ ගර්ජනාව.
ඝන ජ්යාමිතිය
(පාරිභා.) නා. ත්රිමාන අවකාශයේ ජ්යාමිතික වින්යාස හැදෑරීම පිළිබඳ වූ අධ්යයන ශාඛාව (=solid geometry).
ඝන දර්ශන කන්නාඩිය
නා. වස්තුවක් ඡායානුගත ව පිළිඹිබු කිරීම සඳහා එහි පරිමාණ සම්බන්ධතාව පරික්ෂා කිරීමට භාවිත කරන ඡායාරූප ශිල්පීය උපකරණයක්; ත්රිමානෝක්ෂය; ස්ටෙරියෝස්කෝපය (=stereoscope).
ඝන ද්රාවණය
(පාරිභා.) නා. සංඝටක දෙකක හෝ වැඩි ගණනක ඝන සමජාතීය මිශ්රණය (=solid solution).
ඝන පට්ටකය
නා. ගනකමින් යුත් පටිය; තද පටිය.
ඝන ප්රමාණය
නා. ඝනඵලය.
ඝන ප්රසාරණය
(පාරිභා.) නා. ඝන වස්තුවක් රත් කළ විට එහි පරිමාව වැඩිවීම; ඝනාකාර ව විස්තරණය වීම; ඝන විස්තරණය (=cubical expansion).
ඝන මීටරය
නා. මීටර් ක්රමය අනුව පරිමාව මනින මිම්මක්; දිග, පළල, උස මීටරය බැගින් වූ සමාකාර ඝනයක පරිමාව.
ඝන මුද්රණය
නා. අකුරු, රූප ආදිය උඩට නෙරා සිටින සේ කිසියම් තලයක කරන මුද්රණය; යමක් උඩට උලුප්පා ගනකමට දක්වන මුද්රණය.
ඝන මූලය
(පාරිභා.) නා. කිසියම් සංඛ්යාවක් ලැබීම පිණිස තුන්වැති බලයට පැමිණ විය යුතු හෙවත් ඝනය සෙවිය යුතු සංඛ්යාව; යම් සංඛ්යාවක් ලැබීම සඳහා දර්ශකය 3 වශයෙන් ගන්නා සංඛ්යාව; තුන්වැනි මූලය (=cubic root).
ඝන රූපය
1. නා. තුන්වන සතියට එළඹ (මවුකුස වැඩෙමින්) ගන බවට පත් වු කලල රූපය; දැඩි බවට පත් වූ කලල රුව.
2. නා. සමාන දිග පළලින් හා උසින් යුත් ඍජුකෝණී ද්රව්යය; ඝනය.
ඝන රොද
නා. ගන ව වැඩුණු (තණ, පාසි ආදි) පඳුර; ගන ව වැඩුණු බිස්ස.
ඝන වක්රය
(පාරිභා.) නා. ඝන සමීකරණය පිළිබඳ ප්රස්තාරයේ වක්රය (=cubic curve).
ඝන වස්තුව
1. නා. ගන ද්රව්යය; තද වස්තුව.
2. නා. සමාන දිග පළල හා උස ඇති සෘජුකෝණී ද්රව්යය; සමාකාර ඝනය.
ඝන විසරණය
(පාරිභා.) නා. ඝන ද්රව්යවල අණු ඒකාකාර සංයුතියක් ඇති වන සේ මිශ්ර ව පැතිර සිටීම (=diffusion of solids).
ඝන සංඥාව
නා. (අභි.) වෙන් වෙන් වූ නාමරූප ධර්ම එක් දෙයක් ලෙස සැලකීම; නාම රූප ධර්ම නිත්යය ස්වරූපයෙන් දැකීම.
ඝන සංහත
වි. (හිස් තැන් නැති ව) එකට බැඳී පවත්නා; ඇතුළත සිදුර නැති ව එක ම ඝනයක් වූ; ඒකඝන.
ඝන සමීකරණය
(පාරිභා.) නා. කිසියම් සංඛ්යාවක තුන්වැනි බලය පිළිබඳ සමීකරණය (=cubic equation).