ඝනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ද්‍රව හෝ වායු නොවන ස්ථිර හැඩයක් ඇති වස්තුව; දැඩි ඝනකමින් යුත් ද්‍රව්‍යය; ඝන වස්තුව.
2. නා. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් දෙවරක් ගුණ කිරීමෙන් ලැබෙන ඵලය; සංඛ්‍යාවක තුන්වැනි බලය.
3. නා. සමචතුරස්‍රාකාර පැති හයක් ඇති ඝන රූපය; ජ්‍යාමිතික ඝන වස්තුව; කියුබය.
4. නා. ඝනභාවය; ගනකම.
5. නා. ඝන අවස්ථාවට පත් කලල රූපය; වැඩෙන දරු ගැබෙහි අවස්ථා පහෙන් හතර වැන්න.
6. නා. වලාකුළ; මේඝය; අභ්‍රය.
7. නා. මිහිරි නාද නඟන සීනු කයිතාලම් ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cube
2. n. gong
3. n. solid
4. n. volume