ඝටිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඖෂධ පිරවූ කුඩා කළය; කුඩා භාජනය.
2. නා. බෙහෙත් ගුටිකාව; ඖෂධ ගුළිය.
3. නා. දවසින් හැටෙන් කොටසේ කාලය; සිංහල පැය; ඔරලෝසු පැයෙන් මිනිත්තු විසිහතරක කාලය.
4. නා. රථ රෝදයේ වක් අත්ත නම් කොටස.
5. නා. කල්ලි ගැහීම; කල්ලි කෙළිය.
6. නා. සඳුන්, වෙනිවැල් ආදියෙහි ගැට ගැසී ගිය කොටස; දැව ගැටය.
7. නා. (සැරයටි ආදියෙහි මුදුනෙහි යෙදූ) විල්ල; මුදුන් විල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. කුඩා කළය; කුඩා බඳුන/ බෙහෙත් ගුළිය/ සිංහල පැයක හෙවත් මිනිත්තු 24 ක කාලය/ වළලුකර (පා. සං. ඝටිකා) 2. කල්ලි ක්රීඩාව/ සැරයටි ආදියෙහි ඇති විල්ල (පා. ඝටිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. watch