අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 113

ගොවිරාල

නා. ගොවිතැන් කරන්නා; ගොවියා

ගොළු

වි. කථා කිරීමට නොහැකි/ මිටි (පා. ගොඨ)

ගොළුබෙල්ලා

නා. කොඳු ඇට රහිත, ආවරණ කටුවක් ඇති මෘද්වංශික සත්ත්ව විශේෂයක්

ගෝ ඝාතනය

නා. ගවයින් මැරීම

ගෝඨයා

නා. මිටි තැනැත්තා (පා. ගොඨ)

ගෝඨයිම්බර

නා. දස මහා යෝධයන්ගෙන් කෙනකුගේ නාමය

ගෝණිය

නා. හණ නූලෙන් වියන ලද මලු විශේෂයක් (ම. සං. ගොණි)

ගෝත්‍රය

නා. වංශය; කුලය (පා. ගොත්ත සං. ගොත්‍ර)

ගෝනා

නා. මුව වර්ගයට අයත් සිවුපාවෙක් (පා. ගොකණ්ණ සං. ගොකර්ණ)

ගෝනුස්සා

නා. සන්ධිපාදික පවුලට අයත්, වල්ගයේ විෂ ඇති සතකුගේ නාමය

ගෝරනාඩුව

නා. මහත් හඬ නඟා කරන තර්ජනය

ගෝලය

1. නා. පෘෂ්ඨයේ සෑම ලක්ෂ්‍යයක් ම කේන්ද්‍රයෙන් සම දුර වූ ඝන වස්තුව (සං. ගොල) 2. පාපන්දු ක්‍රීඩාවේ දී ලබන දිනුම් වාරය (ඉං. goal)

ගෝලයා

නා. ශිෂ්‍යයා; සහායකයා

ගෝලීයකරණය

නා. විශ්වව්‍යාප්තිකරණය; ලොව පුරා පැතිරවීම

ගෝවිසාණ

නා.ප්‍ර. ගවයාගේ අඟ (පා. ගොවිසාණ)

ගෝෂ්ඨය

නා. ගවගාල; ගවමඩුව (සං. ගොෂ්ඨ)

ගෝෂ්ඨිය

නා. සාකච්ඡා සභාව; සංසදය (සං. ගොෂ්ඨි)

ගෞඩ

නා.ප්‍ර. ඉන්දියාවේ එක් දේශයක් (සං. ගෞඩ)

ගෞඩී රීතිය

නා. ඕජස් ගුණය විශේෂ ලක්ෂණය වූ කාව්‍ය රචනා රීතිය

ගෞණ

වි. අප්‍රධාන (සං. ගෞණ)

ගෞණාර්ථය

නා. අප්‍රධාන අදහස; දෙවන අදහස (සං. ගෞණාර්ථ)

ගෞතම

නා.ප්‍ර. සිදුහත් කුමරු ඇතුළත් ශාක්‍ය රජදරුවන්ගේ ගෝත්‍ර නාමය

ගෞරවය

නා. ගරු සැලකිල්ල/ කීර්තිය; නම්බුව (සං. ගෞරව)