අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 112
ගෘහිණිය
නා. ගෙදර ප්‍රධාන ස්ත්‍රිය; ස්වාමි දියණිය (සං. ගෘහිණි)
ගෘහෝද්‍යානය
නා. ගෙට අයත් උයන; ගෙවුයන (සං. ගෘහොද්යාන)
ගෙත්තම්පාණ
නා. සමනොළ අඩවිය පෙදෙසේ ගල් තලාවක් හා එය පිහිටි ප්‍රදේශය
ගෙපළ
නා. ගෙයක් තැනීම සඳහා සකස් කරගන්නා බිම් පෙදෙස; ගෙබිම
ගෙපැල
නා. අතු සෙවිලි කළ කුඩා ගෙය
ගෙපිළ
නා. ගෙයක ඉස්තෝප්පුව (සං. ගෘහ+පීඨ)
ගෙමිදුල
නා. ගෙදර මිදුල; ගෘහාංගණය
ගෙල
නා. බෙල්ල; ග්රීවය (ප්‍රා. පා. සං. ගල)
ගෙවිලිය
නා. ගොවියාගේ භාර්යාව; ගොවිතැන් කරන කාන්තාව
ගෙවුම් ශේෂය
නා. විදේශීය මුදල් වෙළඳපොළේ ගනුදෙනු පිළිබඳ නියත වශයෙන් ඇති වන සමතාව; ගෙවුම් තුලාව
ගේහනිශ්රිත
වි. ගෘහය ආශ්රිත (පා. ගෙහනිස්සිත)
ගේහසිත
වි. ලෞකික ජීවිතය හා සම්බන්ධ වූ (පා. ගෙහසිත)
ගෛරික
නා.ප්‍ර. ගුරු ගල් විශේෂයක්; සිවගුරු (සං. ගෛරික)
ගොක්කොළ
නා.ප්‍ර. ගොක් අත්තේ කොළ; ළා පොල් කොළ
ගොඩපාළුව
නා. ඉඩකඩම්වල ඵලදාව නිසරු වී හිස් භූමි බවට පත්වීම
ගොඩැලි
නා.ප්‍ර. උසට පස් ආදිය ගොඩ ගැසී ඇති තැන
ගොනළුව
නා. වැටකින් පැන යෑමට නොහැකි වන පරිදි ගවයාගේ කරේ බඳින කුඩා දණ්ඩ
ගොන් කණුව
නා. කමතක මැද අරක්වළේ අම්බරුවන් බැඳීමට සිටුවා ඇති කණුව
ගොනා
නා. ගවයා/ මෝඩයා (ප්‍රා. පා. සං. ගොණ)
ගොනැස
නා. පැරණි ගෘහ නිර්මාණ ක්‍රමය අනුව වහලය හැඩගැස්වීමට ගන්නා කෙළවර හෝ මැද වක් වූ පරාලය (පා. සං. ගොපනසී)
ගොනුව
නා. රාශිය; සමූහය
ගොපල්ලා
නා. ගවයන් රැකබලා ගන්නා තැනැත්තා (පා. සං. ගොපාලක)
ගොබලු
නා.ප්‍ර. කුරුම්බා ඇට්ටිය; ළපටි පොල් ගෙඩිය
ගොයම් කොළය
නා. කපා එක්තැන් කළ ගොයම් ගොඩ/ ගොයම් ගසේ පත්‍රය
ගොවිපළ
නා.ප්‍ර. වගාබිම; වගා ක්ෂේත්රය; කුඹුර/ මස්, කිරි ආදිය පිණිස සතුන් ඇති කරන ස්ථානය