අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 111

ගුරුළිඳු

නා.ප්‍ර. ගුරුළු රාජයා

ගුරුළුගෝමි

නා.ප්‍ර. පොලොන්නරු සමයේ විසූ ලාංකේය පඬිවරයකුගේ නාමය

ගුරූපදේශය

නා. ගුරුවරයාගේ උපදේශය

ගුල

නා. සිදුර; හිල/ ආරක්ෂා කර තබන ස්ථානය

ගුල්ඵය

නා. ඇස්වටය; වළලුකර; බොලට (සං. ගුල්ඵ)

ගුල්ලා

නා. ලී, ධාන්‍ය ආදිය විදින කුඩා කෘමියෙක්

ගුලු අකුරු

නා.ප්‍ර. ගුල්ලාගේ විදීම අනුව ලී පොත් ආදියෙහි කලාතුරකින් දක්නට ලැබෙන අකුරු වැනි සටහන්; ඝුණාක්‍ෂර

ගුලු ඇණය

නා. ලාකඩ පට්ටලයක ලියවනු ලබන භාණ්ඩය හිරකර තැබීමට සවි කොට ඇති වානේ උල් දෙකෙන් එකක්

ගුහ්‍ය

වි. සැඟවුණු; රහස්‍ය (සං. ගුහ්‍ය)

ගුළ

නා.ප්‍ර. පන්දුව/ වටකුරු දෙය/ උක්සකුරු (පා. ගුළ)

ගුළාව

1. නා. බෝලය; වටකුරු දෙය/ මී වදය (පා. ගුළා) 2. පොකුර; කලබ (පා. ගුළ)

ගුළිය

නා. ගෝලාකාර පිඩ (සං. ගුටිකා)

ගුළු

1. වි. සැඟවුණු; දුරවබෝධ (සං. ගූඪ) 2. ගිලිහුණු/ ගෙවී ගිය

ගූඪ

වි. සැඟවුණු; ගුප්ත/ තේරුම් ගැනීමට අපහසු; දුරවබෝධ (සං. ගූඪ)

ගූඪාර්ථය

නා. සැඟැවුණු අර්ථය; ගැඹුරු අදහස

ගූථය

නා. ශරිරයෙන් පහකරන මල; අසුචි (පා. ගූථ)

ගූළ්හ

වි. සැඟවුණු; ගුප්ත (පා. ගූළ්හ)

ගෘහ නිර්මාණය

නා. ගොඩනැගිලි හා ගෙවල් ඉදිකිරීම පිළිබඳ ශිල්පය

ගෘහනිඃශ්‍රිත

වි. ගිහි ජීවිතය ආශ්‍රිත ව පවත්නා; පස්කම් සැප ඇසුරු කොට පවත්නා

ගෘහභාණ්ඩ

නා.ප්‍ර. ගෙයකට අවශ්‍ය ඇඳ, පුටු ආදි උපකරණ

ගෘහමූලික

වි. ගෘහයට ප්‍රධාන

ගෘහස්ථ

වි. ගෙදර පවත්නා; ගිහි (සං. ගෘහස්ථ)

ගෘහාංගණය

නා. ගෙයි මිදුල; ගෙමිදුල

ගෘහාශ්‍රිත

වි. ගෘහය ආශ්‍රයෙහි පවත්නා