අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 110
ගුණධර්ම
නා.ප්‍ර. යහපත් චර්යාව; ශීලාදී ගුණ සමූහය (සං. ගුණධර්ම)
ගුණනය
නා. ගුණ කිරීම; වැඩි කිරීම (සං. ගුණන)
ගුණමකු
වි. කළ ගුණ නොසලකන; කළ ගුණ නොදත්
ගුණවර්ණනාව
නා. ගුණ වැයීම; යහපත් ලක්ෂණ පිළිබඳ වැනුම (සං. ගුණවර්ණනා)
ගුණ්ඩුව
නා. ඉහළ ගොස් පුපුරන දර්ශනීය වෙඩි විශේෂයක්/ කෙනකු මුළා කිරීම සඳහා යොදන උපක්‍රමය (දෙ. குண்டு)
ගුණ්‍යය
නා. ගුණ කළ යුතු සංඛ්‍යාව (සං. ගුණ්ය)
ගුණාංගය
නා. ගුණ විශේෂය
ගුණාකාරය
නා. කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලය/ සංඛ්‍යාවකින් ඉතිරි නැති ව බෙදා ගත හැකි සංඛ්‍යාව
ගුණාගුණ
නා.ප්‍ර. යහපත හා අයහපත (සං. ගුණාගුණ)
ගුණානුස්මරණය
නා. ගුණ සිහි කිරීම
ගුණිත
වි. වැඩි කරන ලද; ගුණ කළ; ගුණ කිරීම පිළිබඳ (සං. ගුණිත)
ගුණීභූත
වි. එකට එක් වුණු ගුණ ඇති; අතිරේක ගුණ වශයෙන් එකතු වූ (සං. ගුණීභූත)
ගුණු
වි. ඉක්ම ගිය; ක්ෂීණ වූ (පා. ඛීණ) නා.ප්‍ර. නූල/ කඹය/ දුනුදිය (පා. සං. ගුණ)
ගුණු පොහොය
නා. සඳ ගෙවී ගිය පොහොය; අමාවක/ පිරුණු පොහොය; පුන් පොහොය
ගුණෝත්තර
වි. නියත සාධකයකින් ගුණ වූ/ ජ්‍යාමිතික වූ (සං. ගුණොත්තර)
ගුණෝත්තර ශ්‍රේණිය
නා. අනුපූර්ව අතර නියත අනුපාතයක් ඇති සංඛ්‍යා මාලාව
ගුදය
නා. ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස (සං. ගුද)
ගුප්ත
වි. සැඟැවුණු; රහස්‍ය/ පුදුම උපදවනසුලු (සං. ගුප්ත)
ගුම්බය
නා. රාශිය; සමූහය/ ගස් හෝ වැල් ගොමුව; ළැහැබ (පා. ගුම්බ)
ගුරුකුලය
නා. ගුරු-ශිෂ්‍ය පරපුර/ ගුරු ගෙදර (සං. ගුරුකුල)
ගුරුත්වාකර්ෂණය
නා. ඕනෑ ම ද්‍රව්‍යයක අංශු දෙකක් හෝ වස්තු දෙකක් එකක් අනෙක වෙත ආකර්ෂණය වීමේ සංසිද්ධිය
ගුරුමුෂ්ටිය
නා. ගුරුවරයකු තමා වෙත ම ආරක්ෂා කර තබාගන්නා ශාස්ත්රසාරය (සං. ගුරුමුෂ්ටි)
ගුරුලේත්තුව
නා. බිමට වතුර තබා ගන්නා මැටිවලින් තැනූ භාජනය (පුර්. gorgoleta)
ගුරුළා
නා. එනම් පක්ෂියා (පා. ගරුළ සං. ගරුඩ)