අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 109

ගිරිකුළ

නා. කඳු මුදුන; පර්වත කූටය

ගිරිකුළු පහණ

නා. කඳු මුදුනක පිහිටි ගල

ගිරිදුදුළ

නා. කඳුවලින් වට වූ දුර්ග ප්‍රදේශය

ගිරිභණ්ඩ පූජාව

නා. පුරාණ ලංකාවේ සිදු කළ ප්‍රදීප පූජා උත්සවයක්

ගිලටීනය

නා. හිස ගසා දැමීමේ යන්ත්‍රය (ඉං. guillotine)

ගිලන්

වි. රෝගී ස්වභාව ඇති (පා. ගිලාන සං. ග්ලාන)

ගිලන් රථය

නා. ගිලනුන් ගෙන යන වාහනය

ගිලන්පස

නා. රෝග සංසිඳුවීමට සුදුසු ඖෂධීය පාන වර්ග; භික්ෂූන් සඳහා සුදුසු පාන වර්ග (පා. ගිලානපච්චය සං. ග්ලානප්‍රත්‍ය)

ගිලානෝපස්ථානය

නා. ගිලනුන්ට කරන උපස්ථානය

ගිලිනවා

ක්‍රි. ආහාරපානාදිය උගුරෙන් ඇතුළට යවනවා (පා. සං. ගිලති)

ගිලිහෙනවා

ක්‍රි. හැලෙනවා; අතහැරෙනවා; වැගිරෙනවා

ගිලෙනවා

ක්‍රි. ජලය ආදියෙහි යට යනවා

ගිහිණි

වි. එකට බැඳුණු; ගැවසීගත් (පා. සං. ගහන)

ගිහිනිය

නා. ගැහැනිය; ස්ත්‍රිය

ගීනළුව

නා. ගීත නාටකය

ගුගුරනවා

ක්‍රි. මහත් හඬ නඟනවා

ගුගුළ

වි. ගුගුරනවා යන්නෙහි අතීත කෘදන්ත පදය

ගුජරාටි

නා.ප්‍ර. ඉන්දියාවේ ගුජරාට ප්‍රදේශයේ භාවිත භාෂාව (ගු. ගුජරාටි)

ගුණ

නා.ප්‍ර. ස්වභාවය; ආකාරය/ සහ පැවැත්ම/ රෝගයකින් ලැබෙන සුවය/ වාරය; වැඩි කිරීම; නැවත නැවත යෙදීම/ නූල; කෙන්ද/ ඖෂධ, ආහාරපානාදියෙන් ලැබෙන පෝෂ්‍යය/ කාව්‍යයක ශබ්දාර්ථ ශෝභාවත් කරන විශේෂ ලක්ෂණය (පා. සං. ගුණ)

ගුණ කථනය

නා. යහපත් ගති ගුණ කියාපෑම (සං. ගුණ+කථන)

ගුණ නැණ

නා. යහපත් පැවැත්ම හා දැනුම

ගුණ නිධාන

වි. යහපත් ගුණ එක් රැස් වුණු

ගුණ වැනුම

නා. ගුණ වර්ණනා කිරීම

ගුණකය

නා. යම් සංඛ්‍යාවක් ගුණ කෙරෙන අනික් සංඛ්‍යාව (සං. ගුණක)