අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 108
ගිජ්ඣකූට පර්වතය
නා. භාරතයේ ඇති පර්වතයට නාමය; ගිජුකුළු පව්ව
ගිජිඳා
නා. ඇත් නායකයා; හස්තිරාජයා
ගිජුලිහිණියා
නා. උකුසු වර්ගයට අයත් විශාල පක්ෂියෙක්
ගිණුම
නා. මුදල් ලැබීම හා වැයවීම පිළිබඳ විස්තරය
ගිණුම් වාර්තා
නා.ප්‍ර. ගනුදෙනු පිළිබඳ විස්තර සඳහන් ලේඛනය
ගිණුම්කරණය
නා. ගිණුම් පවත්වාගැනීම පිළිබඳ ශාස්ත්‍රය
ගිනි
1. නා.ප්‍ර. ගින්දර; (පා. අග්ගි සං. අග්නි) 2. බ්‍රිතාන්‍යයේ භාවිත වූ පැරණි වටිනා කාසි විශේෂයක් (ඉං. guinea)
ගිනි අවුළුවනවා
ක්‍රි. ගින්දර පත්තු කරනවා
ගිනි කනවා
ක්‍රි. ගිනි රශ්මියෙන් පීඩා විඳිනවා/ අයුතු ලෙස මුදල් අය කරනවා
ගිනි කලබ
නා. ගිනිගොඩ
ගිනි දලුව
නා. ඇවිලෙන ගින්නෙහි දැල්ල
ගිනි පොලිය
නා. අධික පොලිය
ගිනි පෝරනුව
නා. උළු, ගඩොල් ආදිය පිලිස්සීම සඳහා සකස් කළ උදුන
ගිනි මොළවනවා
ක්‍රි. ගින්දර පත්තු කරනවා
ගිනිකණ
නා. ගිනි දලුව; ගිනි පුපුර
ගිනිකොන
නා. නැගෙනහිර හා දකුණ අතර ඇති අනුදිශාව
ගිනිපෙනෙල්ල
නා. කෙළවරක් ගිනි ගත් දර ලීය
ගිනිමැළය
නා. මොළවන ලද ගින්න
ගිනියම්
වි. අධික ලෙස රත් වූ/ උෂ්ණාධික
ගිනිසිළුව
නා. ගිනිදලුව; අග්නිශිඛාව (සං. අග්නිශිඛා)
ගිනිසුළ
නා.ප්‍ර. වියළිා පොල් කොළ, හනසු ආදිය එකට බැඳ සකස් ගිනි දල්වා ගත් උපකරණය; පන්දම
ගිමන
නා. ග්‍රීෂ්මය; උෂ්ණය/ ග්‍රීෂ්ම ඍතුව/ උෂ්ණය නිසා ශරීරයේ හටගන්නා විඩාව (පා. ගිම්හාන)
ගිම්හානය
නා. ග්‍රීෂ්ම ඍතුව (පා. ගිම්හාන)
ගිරි ශිඛරය
නා. කඳු මුදුන; පර්වත කූටය (සං. ගිරිශිඛර)