අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 107
ගාල
නා. සතුන් කොටු කර තබන ස්ථානය/ වාහන නවත්වන තැන/ වගාවක් බහුල ලෙස වැඩී ඇති ස්ථානය (පා. ගොසාලා සං. ගොශාල)
ගාලගෝට්ටිය
නා. සමූහයක් එකතු ව කරන ඝෝෂාව
ගාලු මුවදොර
නා.ප්‍ර. ස්ථාන නාමයක්
ගැටපොලොස්
නා.ප්‍ර. ළා කොස් ගැට
ගැටපොළඟා
නා. පොළොං වර්ගයක නාමය
ගැටලු
වි. ගැට සහිත; පටලැවිලි සහිත; විසඳීමට අමාරු; දුෂ්කර; සරල නොවන
ගැනුම් මිල
නා. භාණ්ඩයක් මිලට ගන්නා මුදල
ගැබිනිය
නා. ගර්භිණී කාන්තාව (සං. ගර්භිනී, පා. ගබ්භිනී)
ගැමා කිරණ
නා.ප්‍ර. විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක්
ගැමුණු
නා.ප්‍ර. කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුතුගේ නාමය; දුටුගැමුණු මහ රජු (පා. ගාමිණී සං. ග්‍රාමිණී)
ගැඹර
නා. මතුපිට සිට පහළට ඇති දුර ප්‍රමාණය; ගැඹුර (පා. සං. ගම්භීර)
ගැඹුරු
වි. මතුපිට සිට පතුල දුරින් වූ/ තේරුම් ගැනීමට අපහසු (පා. සං. ගම්භීර)
ගැරඬියා
නා. උරග ගණයේ සතෙක්
ගැල
නා. කරත්තය (ප්‍රා. ගඩ්ඩී ගු. ගාලි, ගාල්ලු)
ගැලරිය
නා. නාට්‍ය හෝ චිත්‍රපට හෝ ප්‍රදර්ශනය කෙරෙන ශාලාවක ඉදිරියේ ඇති ආසන (ඉං. gallery)
ගැලවීමේ හමුදාව
නා. ක්‍රිස්තියානි ආගමික සංවිධානයක නාමය
ගැලවුම්කරුවා
නා. විපතකින් බේරාගන්නා තැනැත්තා
ගැලවෙනවා
ක්‍රි. යමකින් ඉවත් වෙනවා
ගැලුම
නා. ද්‍රව ධාරිතාව මනින මිම්මක්; බෝතල් හයක ප්‍රමාණය (ඉං. gallon)
ගැහැනිය
නා. ස්ත්‍රිය; කාන්තාව (පා. ගෙහිනී)
ගැළතුම
නා. සී සෑමේ දී හා කොළ මැඬවීමේ දී ගවයන් සිවු දෙනකු යොදා ගත් හරක් කැරැල්ල
ගැළපෙනවා
ක්‍රි. එකිනෙකට සම්බන්ධ වෙනවා (පා. ඝටෙති)
ගෑනි
නා.ප්‍ර. ගැහැනිය
ගෑනු ළමයා
නා. බාලිකාව