අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 106

ග්‍රන්ථිපද

නා.ප්‍ර. ගැටපද; දුරවබෝධ පද (පා. ගණ්ඨිපද සං. ග්‍රන්‍ථිපද)

ග්‍රන්ථිය

නා. ශරීරයට අවශ්‍ය ස්‍රාව නිපදවන ඉන්ද්‍රිය විශේෂයක්

ග්‍රසනිකාව

නා. ගලනාලයේ උඩු කොනත් ශ්වාසනාලයත් නාස් කුහරයක් හමුව උගුරේ බීලයේ සෑදෙන තුන් සන්ධියට අයත් කොටස (සං. ග්‍රසනි)

ග්‍රහ දෝෂය

නා. ග්‍රහයන්ගෙන් සිදුවෙතැයි සලකන අපලය

ග්‍රහ මණ්ඩලය

නා. සූර්යයා; පෘථිවිය ඇතුළු ග්‍රහයන් සමූහය

ග්‍රහණය

නා. අල්ලා ගැනීම/ ඉගෙනීම; උද්ග්‍රහණය (සං. ග්‍රහණ)

ග්‍රහණිය

නා. ක්ෂුද්‍රාන්තයේ මුල් කොටස (සං. ග්‍රහණි)

ග්‍රාම නිලධාරි

නා. රජය වෙනුවෙන් ගමක කටයුතු භාර ව සිටින නිලධාරියා

ග්‍රාම සංවර්ධනය

නා. ගමේ දියුණුව සැලසීම

ග්‍රාම්‍ය

වි. අශිෂ්ට; අශ්ලීල (සං. ග්‍රාම්‍ය)

ග්‍රාහක

වි. අල්ලා ගැනීමට උපකාර වන/ ග්‍රහණය කරන/ දායක වූ (සං. ග්‍රාහක)

ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාව

නා. ග්‍රිනිච් නගරය මැදින් වැටී ඇති දේශාංශ ‘0’ කල්පිත රේඛාව

ග්‍රීවාහරණය

නා. බෙල්ලේ පලඳින ආභරණය

ග්‍රීෂ්ම

වි. උණුසුම්; රස්නය ඇති (සං. ග්‍රීෂ්ම)

ගාඪ

වි. මුල් බැස ගත්; ප්‍රබල/ හිර; තද/ දුර්බෝධ/ බොහෝ වූ; අධික සේවනය කරන ලද (සං. ගාඪ)

ගාඪ ශෛලිය

නා. සන්ධි, සමාස ආදිය බහුල ව යෙදුණු රචනා විලාසය

ගාණ

නා. ගණන; සංඛ්‍යාව/ තැකීම; සැලකීම

ගාත්‍රාක්ෂරය

නා. හල් අකුර; ව්‍යඤ්ජනාක්ෂරය (සං. ගාත්‍ර+අක්‍ෂර)

ගාථාව

නා. පාද සතරකින් යුත් පාලි පද්‍යය/ නවාංග ශාස්තෘ ශාසනයෙන් එකක් (පා. සං. ගාථා)

ගාන්ධර්ව

නා.ප්‍ර. ගන්ධර්ව

ගාමණී

නා.ප්‍ර. ගමේ නායකයා (පා. ගාමණී සං. ග්‍රාමණී)

ගාම්භීර්යය

නා. ගැඹුරු බව (සං. ගාම්භීර්ය)

ගායකයාණන්

නා.ප්‍ර. ගායනායෙහි යෙදෙන්නා (සං. ගායක)

ගාර්දූල

වි. උතුම්; ශ්‍රේෂ්ඨ; උත්කෘෂ්ට නා.ප්‍ර. ව්‍යාඝ්‍රයා (සං. ශාර්දූල)