අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 105
ගවේෂකයා
නා. අලුත් දේ සොයන්නා
ගවේෂණය
නා. අලුතින් යමක් සෙවීම (සං. ගවේෂණ)
ගහණ
නා.ප්‍ර. ගැනීම; අල්ලා ගැනීම (සං. ග්‍රහණ)
ගහන
වි. බහුල; ප්‍රමාණයෙන් අධික/ ඝන (පා. සං. ගහන)
ගහල
නා.ප්‍ර. අල විශේෂයක්
ගහළ
නා.ප්‍ර. කුණුරොඩු/ කසළශෝධක සමූහය (සං. ඝටා)
ගහළයා
නා. වධකයා
ගළපනවා
ක්‍රි. සම්බන්ධ කරනවා (සං. ඝටෙති)
ගළවනවා
ක්‍රි. ගලවනවා
ග්රැමෆෝනය
නා. තැටියක කැවූ හඬ ප්රතිරාව කළ හැකි ශබ්දවාහිනී උපකරණය (ඉං. gramophone)
ග්ලානිය
නා. ගිලන් බව (සං. ග්ලානි)
ග්ලැසියරය
නා. කඳුකරයේ සිට පාතට ඇදී යමින් කුට්ටි ලෙස කැඩී යන අයිස් කඳ (ඉං. glacier)
ග්‍රථනය
නා. ගෙතීම; ගැටලීම (සං. ග්රථන)
ග්රන්ථ
නා.ප්‍ර. ගැට ගැසීම; බැඳීම; වෙළීම/ පොත; පුස්තකය (සං. ග්රන්ථ)
ග්රන්ථ ඥානය
නා. පොත් කියවීමෙන් ලබාගන්නා දැනුම
ග්රන්ථ විශාරද
වි. ග්රන්ථ පිළිබඳ පාණ්ඩිත්‍යයෙන් යුතු/ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පිරිනමනු ලබන උපාධියක්
ග්රන්ථ ශෝධනය
නා. පැරණි ග්රන්ථයන්හි අපපාඨ හැර ශුද්ධ කොට පිළියෙල කිරීම; ග්රන්ථ සංස්කරණය
ග්රන්ථකරණය
නා. පොත්පත් ලිවීම (සං. ග්‍රන්ථකරණ)
ග්‍රන්ථධර
වි. ග්රන්ථ දරන්නා වූ/ පොත් කියවා ලත් දැනුම් ඇති (සං. ග්‍රන්ථධර)
ග්‍රන්ථධුරය
නා. ග්රන්ථ වශයෙන් බෙදා ඇති ත්‍රිපිටක ධර්මය නිසි පරිදි පාඩම් කර සිතෙහි දරා ගැනීම (පා. ගන්ථධුර)
ග්රන්ථනය
නා. ගෙතීම; වෙළීම; ඇමිණීම/ පොත් ලිවීම (සං. ග්රන්ථන)
ග්රන්ථාර්ණවය
නා. පොත් නමැති සාගරය
ග්‍රන්ථාරූඪ
වි. පොත්වල සටහන් වූ (සං. ග්රන්ථ+ආරූඪ)
ග්‍රන්ථාවලිය
නා. පොත් සමූහය