අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 104

ගර්විත

වි. අහංකාර (සං. ගර්විත)

ගර්හාව

නා. නින්දාව; අපවාදය (සං. ගර්හා)

ගර්හිත

වි. පහත්; නීච/ අසාදු ලෙස සැලකෙන (සං. ගර්හිත)

ගරාදිය

නා. රෝදයක නාභියේ සිට නේමියට සවි කරන පොල්ල/ අත්වැල් ආදියෙහි සිරස් ව යොදන කණුව (පුර්. grade)

ගලගණ්ඩය

නා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමෙන් සෑදෙන රෝගය (පා. සං. ගලගණ්ඩ)

ගලග්‍රන්ථිය

නා. තයිරොයිඩ් ග්‍රන්ථිය

ගලතනවා

ක්‍රි. සතුන් හෝ මිනිසුන් හෝ එකට ඈඳනවා/ එකිනෙක සම්බන්ධ කරනවා

ගලනවා

ක්‍රි. ගලා බසිනවා; වැගිරෙනවා; වෑහෙනවා (පා. ගළති සං. ගලති)

ගලනාළය

නා. මුඛයෙන් ගත් ආහාර ආමාශයට යන මාර්ගය (පා. ගලනාළි)

ගලපටල රෝගය

නා. උගුරේ ශ්ලේෂ්ම පටලවල ව්‍යාජ පටල ඇති වීමේ රෝගය; ඩීප්තීරියාව

ගලවනවා

ක්‍රි. බේරාගන්නවා; නිදහස් කරනවා/ වෙන් කරනවා (පා. ගළති සං. ගලති)

ගල් අතළ

නා.ප්‍ර. ගල්තලාව

ගල් තලාව

නා. විශාල ප්‍රදේශයක පැතිර පවත්නා ගල්පොත්ත

ගල් පහණ

නා. ගල්තලාව

ගල් පිළිමය

නා. ගලින් කළ ප්‍රතිමාව

ගල් වළ

නා. වෙඩි පිපිරවීම් ආදියෙන් කළුගල් කඩා ගන්නා ස්ථානය/ ගලෙහි සෑදුණු වළ

ගල්කය

නා. පතුර; පොත්ත

ගල්කුළ

නා. ගල් පර්වතයක මුදුන/ ගල් පර්වතය

ගල්තැළුම

නා. යටි පතුලේ තැනක තැළීම නිසා ඇති වන තද ගැටය

ගල්ලෙන

නා. ගල්ගුහාව

ගලා හැලෙනවා

ක්‍රි. පහතට වැටෙනවා/ ගලාගෙන පහළට වැටෙනවා

ගලිය

නා. පොළොව යට අපද්‍රව්‍ය ගලා යන කානු පරීක්‍ෂා කිරීම සඳහා පිවිසිය හැකි ආවාට (ඉං. gulley)

ගවගාල

නා. ගවයන්ගේ වාසය සඳහා සැකසූ ස්ථානය, සෑදූ ගෙය

ගවාක්ෂය

නා. කවාකාර කවුළුව/ සත්ත්ව ඇටයක කුඩා සිදුර/ හිස් කබලේ ඇතැම් කොටස්වල විවර (සං. ගවාක්‍ෂ)