අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 103
ගනඳුර
නා. තද අඳුර
ගන්ධකුටිය
නා. බුදුරදුන් වැඩ සිටි කුටිය (පා. ගන්ධකුටි)
ගන්ධනාශක
වි. දුගඳ නැති කරනසුලු
ගන්ධබ්බයා
නා. කර්ම ශක්තියෙන් මෙහෙයවනු ලැබූ මවු කුස පිළිසිඳ ගැනීමේ අපේක්ෂාවෙන් සිටින සත්ත්වයා (පා. ගන්ධබ්බ)
ගන්ධමාදන පර්වතය
නා. අනවතප්ත විල වටා ඇතැයි සැලකෙන පර්වත කූට පහෙන් එකක නාමය
ගන්ධය
නා. නාසයට දැනෙන මිහිරි සුවඳ/ නාසයට දැනෙන අමිහිරි ගුණය (පා. සං. ගන්ධ)
ගන්ධර්ව
නා.ප්ර. සංගීතඥයා/ සංගීත ශාස්ත්රය (සං. ගන්ධර්ව, ගාන්ධර්ව)
ගන්ධාරය
නා. පැරණි දඹදිව සොළොස් මහා ජනපදවලින් එකක් (පා. ගන්ධාර)
ගන්ධාෂ්ම
නා.ප්ර. ගෙන්දගම්
ගනුදෙනු
නා.ප්ර. ගැනීම හා දීම; හුවමාරුව
ගඳකිළිය
නා. බුදුන් වහන්සේගේ කුටිය (පා. ගන්ධකුටි)
ගඳව්
නා.ප්ර. සංගීතඥයා/ සංගීත ශාස්ත්රය
ගමනාගමනය
නා. යෑම ඊම (පා. ගමනාගමන)
ගමරාල
නා. ගමේ වැඩිහිටියා; ගම්මුලාදෑනියා
ගම්පොළ
නා.ප්ර. ලංකාවේ පැරණි රාජධානියක්
ගම්භීර
වි. ගැඹුරු/ ඈතට විහිද ගිය/ උසස්; උදාර (පා. සං. ගම්භීර)
ගම්මුලාදෑනියා
නා. අතීතයේ රජය වෙනුවෙන් ගම භාර ව සිටි නිලධාරියා
ගම්සභාව
නා. අතීතයේ දී ගම්බද පාලනය සඳහා පිහිටුවා තිබූ පාලක මණ්ඩලය
ගම්ය
වි. දැකිය හැකි; තේරුම් ගත හැකි/ හැඟෙන/ සේවනය කළ යුතු (සං. ගම්ය)
ගම්යමාන
වි. හැඟෙන; වැටහෙන (සං. ගම්යමාන)
ගර්ජනය
නා. මහා ශබ්දය; ඝෝෂාව/ අහස ගෙරවීම (සං. ගර්ජන)
ගර්භය
නා. ගර්භාශය; මවුකුස/ ගබඩාව; කාමරය/ස්තූපයක බඳ; ස්තූපයක ධාතු නිදන් කළ කොටස/ කලල රූපය/ වලාකුළ; මේඝය (සං. ගර්භ)
ගර්භාශය
නා. මවුකුස; දරුගැබ (සං. ගර්භාශ)
ගර්භිණිය
නා. දරුගැබක් සහිත තැනැත්තිය (සං. ගර්භිණි)