ගඳකිළිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සුවඳවත් කාමරය; විහාරස්ථානයක බුදුරදුන්ගේ වාසය සඳහා වෙන් කරනු ලැබූ කාමරය; බුදුරදුන් නිවැසි කුටිය; ගන්ධකුටිය.
2. නා. මහනුවර දළදා මැදුරෙහි දළදා හිමියන් වඩා හිඳුවනු ලැබ ඇති විශේෂ කුටිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුදුන් වහන්සේගේ කුටිය (පා. ගන්ධකුටි)