ගිලිහෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. යමක් තිබෙන තැනින් ගැලවී වැටෙනවා; ගැලවෙනවා; හැලෙනවා; වැගිරෙනවා.
2. ක්රි. අවහිරයකින් බේරෙනවා.
3. ක්රි. චුත වෙනවා.
4. ක්රි. සිටි තැනින් තල්ලු වී යනවා; තනතුරු ආදියෙන් ඉවත් වීමට සිදුවෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. හැලෙනවා; අතහැරෙනවා; වැගිරෙනවා