සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 595
ගිරිය පුප්පනවා
(කථා.) ක්රි. කෑ ගහනවා; යටිගිරියෙන් කෑගහනවා; මහ හඬින් කතා කරනවා.
ගිරිලිපි
නා.ප්ර. පිහිටි ගලේ කොටන ලද සෙල්ලිපි.
ගිරිලෙන
නා. පර්වතයක පිහිටි ගුහාව; ගිරිගුහාව.
ගිරිශිඛරය
නා. කඳු මුදුන; පර්වත කූටය.
ගිරිස
1. නා.ප්ර. කඳු මුදුන; පර්වත මස්තකය.
2. නා.ප්ර. ඊශ්වර දෙවියා.
ගිලටීනය
1. නා. යුරෝපා රටවල හිසගසා දැමීම සඳහා භාවිත යන්ත්රයක්.
2. නා. මුද්රණ ශිල්පීන් විසින් කඩදාසි හා පොත්වල දාර කැපීම සඳහා භාවිත යන්ත්රය; කඩදාසි කපන මැසිම.
ගිලන් මැස්ස
නා. ගිලනුන් ශයනය කරවා එහා මෙහා ගෙන යාම සඳහා භාවිත කරන උපකරණයක්.
ගිලන් රථය
නා. ගිලනුන් ගෙන යන වාහනය.
ගිලන්ගෙය
නා. ගිලනුන් හා ආබාධිතයන් නවත්වා ගෙන ඔවුන්ට වෛද්ය ආදි උපස්ථාන කරන ශාලාව; රෝහල.
ගිලන්පස
නා. භික්ෂූන් සඳහා නියමිත පාන විශේෂ; ගිලාන පච්චය; ගිලානප්රත්යය; සිව් පසයෙන් එකක්.
ගිලනා
නා. ගිලන් වූ තැනැත්තා; ලෙඩා; රෝගියා; ආතුරයා.
ගිල්ඩය
(පාරිභා.) නා. සුඵ හස්තකර්මාන්ත, ගෘහ කර්මාන්ත ආදිය කරන්නන්ගේ ශ්රේණිය (=guild).
ගිල්ම
1. නා. ඇල්ල; දිය ඇල්ල.
2. නා. ජලය ගැලීම; ගංවතුර.
3. නා. නිතර ජලයෙන් යට වන භූමිය.
ගිල්ලන කෝදුව
(පාරිභා.) නා. එන්ජිමක තෙල් බඳුනෙහි තෙල් මට්ටම පරීක්ෂා කර බැලීම සඳහා තිබෙන මිණුම් දණ්ඩක් වූ කූර (=dipstick)
ගිල්ලනවා
ක්රි. ජලයෙහි, පොළොවෙහි හෝ යම්කිසි දෙයක් ඇතුළට යමක් යවනවා; ඇතුළට කවනවා.
ගිල්ලවන කටුව
(පාරිභා.) නා. ඇණ ඇතුළට ගිල්වීම පිණිස පාවිච්චි කරන උපකරණය; පොංචිය (=nail punch, nail set).
ගිල්ලවනවා
1. ක්රි. උගුරෙන් පහතට යවනවා; ගිලින්ට සලස්වනවා.
2. ක්රි. ලී යකඩ ආදියෙහි මෝස්තර ඇතුළට ඔබ්බනවා.
ගිල්ලුම් කට
(පාරිභා.) නා. යම්කිසිවක් ඇතුළට එබ්බවීම සඳහා තනා ගන්නා විවරය; විශේෂයෙන් ලෝහ, මැටි, ලාක්ෂා ආදි කර්මාන්තවල දී මෝස්තර ගිල්ලවීම සඳහා තනා ගන්නා කැපුම හෝ විවරය (=recess).
ගිලා බසිනවා
නා. කිඳා බසිනවා; ගිලෙනවා.
ගිලානෝපස්ථානය
නා. ගිලනුන්ට කරන උපස්ථානය.
ගිලිනවා
1. ක්රි. ආහාරපානාදිය මුඛයෙන් උගුරු ඔස්සේ ආමාශය කරා යවනවා.
2. ක්රි. ඉක්මනට ආහාර බුදිනවා.
ගිලිහෙනවා
1. ක්රි. යමක් තිබෙන තැනින් ගැලවී වැටෙනවා; ගැලවෙනවා; හැලෙනවා; වැගිරෙනවා.
2. ක්රි. අවහිරයකින් බේරෙනවා.
3. ක්රි. චුත වෙනවා.
4. ක්රි. සිටි තැනින් තල්ලු වී යනවා; තනතුරු ආදියෙන් ඉවත් වීමට සිදුවෙනවා.
ගිලෙනවා
ක්රි. ජලය ආදියෙන් යට වෙනවා; නිමග්න වෙනවා; කිඳා බහිනවා.
ගිව
1. නා. බෙල්ල; ග්රීවය; කණ්ඨය.
2. නා. ආපසු යැවීම.