සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 594

ගිරිකුහර

නා.ප්‍ර. ගල් පර්වතයක හෑරීගිය කොටස හෝ සිදුර.

ගිරිකුළ

නා. කඳුමුදුන; පර්වත කූටය.

ගිරිගබ්භාරය

නා. පර්වතයක පිහිටි ගුහාව.

ගිරිගහනය

නා. පර්වත සහිත කැලෑ ප්‍රදේශය.

ගිරිගුහාව

නා. පර්වතයක පිහිටි ගුහාව.

ගිරිතර

(පාරිභා.) වි. ගිරි අතර; කඳු අතර වූ (=intermontane).

ගිරිතලාව

නා. කන්දක පිහිටි සම බිම; ගල්තලාව.

ගිරිතිය

1. නා. කිතිය.
2. නා. කරදරය; හිරිහැරය.

ගිරිදන්ත

(පාරිභා.) නා.ප්‍ර. ආහාර ඇඹරීම සඳහා පිළියෙල වී ඇති කොපුල් දත් (=bunodont).

ගිරිදඹය

(කථා.) නා. තද බෑවුම් සහිත කන්ද.

ගිරිදරය

නා. කෙළින් උසට පිහිටි කන්ද; කඳු ප්‍රපාතය.

ගිරිදා

(කථා.) නා.ප්‍ර. ළා බුලත් දලු; ගිරිදා නම් වූ බුලත් වැල් විශේෂය.

ගිරිදැදුරු

නා. පර්වතයෙහි බෙදීගිය හෝ බිඳීගිය තැන.

ගිරිදැල්ල

(කථා.) නා. ළා ගෙඩිය; ළපටි ගෙඩිය.

ගිරිදුර්ග

නා.ප්‍ර. කඳුවලින් වට වූ ගමනට දුෂ්කර ප්‍රදේශය; කඳුකර දුර්ග මාර්ගය.

ගිරිදොළ

නා. කන්දෙන් කඩා වැටෙන ජල ධාරාව; දිය ඇල්ල.

ගිරිඳා

නා. පර්වතරාජයා; මහාමේරු පර්වතය; මන්දර පර්වතය.

ගිරිපථය

(පාරිභා.) නා. කඳුකර පාර; පර්වත මාර්ගය.(=mountain track).

ගිරිපය

නා. පර්වත පාදය; කඳු බෑවුම.

ගිරිපාද

(පාරිභා.) නා.ප්‍ර. පර්වත පාදය; කඳු පාමුල.(=piedmont).

ගිරිබිත

නා. පර්වත භිත්තිය.

ගිරිබෙයද

නා. පර්වතයෙහි ගැට්ට; පර්වත පාර්ශ්වය.

ගිරිභණ්ඩ පූජාව

1. නා. පැරණි ලක්දිව හෙළ රජදරුවන් විසින් පැවැත්වූ ආගමික උත්සවයක්.
2. නා. පර්වතයක් ආකාරයට පිරිකර ගොඩ ගසා සංඝයාට පූජා කරමින් මහාදාඨික මහානාග රජතුමා විසින් පැවැත්වී යැයි සඳහන් පින්කම.

ගිරිය

1. නා. ග්‍රීවය; බොටුව; උගුර.
2. නා. බීජයකින් ඇදෙන රිකිල්ල; අංකුරය.
3. (කථා.) නා. කියතකින් ඉරන විට ලී කුඩු පතිත වීම සඳහා පිළියෙල වී ඇති කියත් දැති දෙකක් අතර ඇති හිඩැස.