සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 593

ගිම්කල්

නා.ප්‍ර. ග්‍රීෂ්ම කාලය; ගිම්හානය.

ගිම්රිවි

නා.ප්‍ර. ග්‍රීෂ්ම කාලයේ සූර්යයා; චණ්ඩ සූර්යයා.

ගිම්හල

1. නා. ගිමන්හල.
2. නා. ශාක වවන වීදුරු ගෙය; ශාකාගාරය.

ගිම්හාන තරණය

(පාරිභා.) නා. ග්‍රීෂ්ම සෘතුවට ඔරොත්තු දීම පිණිස නිද්‍රාගත ස්වරූපයෙන් පසු වීම; ඇතැම් සත්ත්ව වර්ග සහ වෘක්ෂලතා සම්බන්ධයෙන් යෙදේ (=aestivation).

ගිම්හාන මෝසම්

නා.ප්‍ර. ගිම්හානයේ දී ඇති වන තද උෂ්ණය හේතු කොට ගෙන මුහුදේ සිට ගොඩබිමට හමන සුළඟ.

ගිම්හාන සූර්යනිවෘත්තිය

(පාරිභා.) නා. සූර්යයා කර්කටක නිවර්තනයට මුදුන් වන දිනය (=summer solstice).

ගිම්හානය

නා. ග්‍රීෂ්ම සෘතුව.

ගිම්හෙළිය

නා. තද ග්‍රීෂ්මය සහිත එළිමහන් ප්‍රදේශය.

ගිය

වි. ගමන් කළ; පැමිණි; ප්‍රාප්ත වූ.

ගියකල

1. නා. පසු වූ කාලය; ගත වූ කාලය; අතීතය.
2. (කථා.) නා. සිදුවූ දේ.
ක්‍රි.වි. කල් ගෙවුණු; කාලය ගෙවීගිය පසු.

ගියර එළවුම

1. (පාරිභා.) නා. ගියර් දැමීම (=gearing).
2. (පාරිභා.) නා. අවශ්‍ය ගියරයට අමුණා යන්ත්‍ර ගමන් කරවීම; ගියර අමුණා යන්ත්‍ර ගමන් කරවීම (=gear drive).

ගියර පෙට්ටිය

(පාරිභා.) නා. ගියර් රෝද, ගියර් කරුව ආදි කොටස් අන්තර්ගත විශේෂ පෙට්ටිය (=gear box).

ගියරදැති

(පාරිභා.) නා.ප්‍ර. ගියර රෝදවල ඇති විවිධාකාර දැති.

ගියරය

(පාරිභා.) නා. මෝටර් රථවල එන්ජිම එක ම වේගයෙන් ක්‍රියා කරද්දී අක්ෂ දණ්ඩ වෙනස් වේගවලින් කරකැවීමට සලස්වන දෑතිරෝද පද්ධතියක් සහිත යාන්ත්‍රික උපකරණය (=gear)

ගිර

1. නා.ප්‍ර. කන්ද; පර්වතය.
2. නා.ප්‍ර. වචනය; වදන.

ගිරග

1. නා. පර්වතාග්‍රය; පර්වත ශිඛරය.
2. නා. බෙහෙත් ද්‍රව්‍ය අඹරන ගල.

ගිරග්ගසමජ්ජ

නා.ප්‍ර. රජගහනුවර කලින් කල පවත්වන ලද නැටුම් ගැයුම් වැයුම්වලින් සමන්විත නාට්‍ය උත්සවයක්.

ගිරය

නා. පුවක් ආදිය කැපීම සඳහා අල්ලන අඬු දෙකක් හා තියුණු තලයක් සහිත ආයුධය.

ගිරා

1. (කථා.) නා.ප්‍ර. ගෘහය; ගෙය.
2. නා.ප්‍ර. වචනය; වදන; කථාව.
3. නා.ප්‍ර. ග්‍රහයා.

ගිරාමිණ

නා. මැණික් වර්ගයක්; මරකත.

ගිරි

1. නා.ප්‍ර. පර්වතය; කන්ද.
2. නා.ප්‍ර. ග්‍රීවය; බෙල්ල; කණ්ඨය.
3. නා.ප්‍ර. අංකුරය; රිකිල්ල.

ගිරි උයන

නා. පාෂාණ මත පිහිටි උයන.

ගිරි ඌල

නා. පර්වතයෙහි පිහිටි උල්පත; කඳු ඌල.