ගෝණිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෝණි ලණුවලින් වියාගන්නා රෙද්ද; ගෝණි පඩංගුව.
2. නා. වී හාල් ආදිය බහාලීම සඳහා ගෝණි රෙද්දෙන් තනාගන්නා ලොකු මලු විශේෂය; ගෝණිමල්ල.
3. නා. ධාන්ය ආදි වියළි හෝ ද්රව මැනීම සඳහා භාවිත වූ පැරණි මිම්මක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හණ නූලෙන් වියන ලද මලු විශේෂයක් (ම. සං. ගොණි)