සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 613
ගෝචර
1. වි. අහර සොයා හැසිරෙන; ගොදුරු පිණිස හැසිරෙන; පිඬු පිණිස හැසිරෙන.
2. වි. ඉන්ද්‍රියවලට අරමුණු වන.
ගෝචර ස්ථානය
නා. ගොදුරු බිම; ආහාර ලබාගන්නා භූමිය; (භික්ෂූන්) පිඬු පිණිස හැසිරෙන ප්‍රදේශය; ගොදුරු ගම.
ගෝචරඵල
නා.ප්‍ර. (ජ්‍යෝති.) පුද්ගලයකුගේ ජන්ම රාශියෙහි පටන් රාශි දොළසෙහි ඒ ඒ ග්‍රහයන් ගමන් කරන විට ඒ ඒ ග්‍රහ රාශි සම්බන්ධතාව අනු ව ලැබෙන පලාපල,
ගෝචරය
1. නා.ප්‍ර. ආහාර ඇති තැන; ගොදුරු බිම.
2. නා.ප්‍ර. ගොදුර; ආහාරය.
3. නා.ප්‍ර. ඉන්ද්‍රියයන්ට ගොදුරු වන අරමුණ; අවබෝධය.
4. නා.ප්‍ර. සුදුස්ස; යෝග්‍ය දෙය.
5. (ජ්‍යෝති.) නා.ප්‍ර. ග්‍රහයන් ඔවුනොවුන්ගේ දෘෂ්ටියට ලක්වීම.
ගෝටය
(කථා.) නා. කූඩුව; කැදැල්ල.
ගෝටවිය
නා.ප්‍ර. නැවක සුක්කානම; ඔරුවක අවල; නැවක පශ්චාත් බන්ධනය; ගල්වත.
ගෝට්ටිය
(කථා.) නා. බොහෝ දෙනාගේ කථාවෙන් නැඟෙන මහ හඬ; කෑකෝ ගැහීම; ගොහොට්ටිය.
ගෝඨයා
නා. මිටි තැනැත්තා; මිට්ටා.
ගෝඩිම්බර
වි. ගොරෝසු; දළ; රළු.
ගෝණක
නා.ප්‍ර. දිග ලෝම ඇති පලස; ඇඳ පුටු ආදියෙහි එළන සුඛෝපභෝගී ඇතිරිල්ල.
ගෝණිගොන්
නා.ප්‍ර. පිටේ බඩු පටවාගෙන යෑමට පුරුදු කළ ගොනා; තවලම් ගොනා.
ගෝණිය
1. නා. ගෝණි ලණුවලින් වියාගන්නා රෙද්ද; ගෝණි පඩංගුව.
2. නා. වී හාල් ආදිය බහාලීම සඳහා ගෝණි රෙද්දෙන් තනාගන්නා ලොකු මලු විශේෂය; ගෝණිමල්ල.
3. නා. ධාන්‍ය ආදි වියළි හෝ ද්‍රව මැනීම සඳහා භාවිත වූ පැරණි මිම්මක්.
ගෝත කරුමය
1. නා. පණ ඇදීම; මරණාසන්න ව වේදනාවෙන් කරන දැඟලීම.
2. නා. මත්පැන් හේතුවෙන් ඇති වන විකාර ගතිය; විකෘති සිහියෙන් කරන දැඟලීම.
3. නා. දිගු කලක් පවතින අසනීපය; කල් ගිය බලවත් රෝගාබාධය.
4. නා. නො කඩවා පවතින බාධාව; හිරිහැරය; කරදරය.
ගෝත්තරය
1. නා. (කෙනෙකුගේ) වංශය, කුලය, ගෝත්‍රය.
2. නා. ආහාරය කෑම.
ගෝත්රචිහ්න
නා.ප්‍ර. ගෝත්‍රය හඳුන්වන සලකුණ; ගෝත්‍රය පිළිබඳ සංකේතය; කුල චිහ්නය.
ගෝත්‍රය
1. නා. කුල පරම්පරාව.
2. (පාරිභා.) නා. වර්ගීකරණයේ දී කුලයට ඉහළින් හා වර්ගයට පහළින් සිටින සමීප සම්බන්ධකම්වලින් යුත් ජීවි කණ්ඩායම (=order).
ගෝත්‍රික
වි. ගෝත්‍රයට අයත්; වංශ පරම්පරාවට අයත් වූ; ගෝත්‍රයට උරුම; ගෝත්‍රයට ආවේණික.
ගෝදණ්ඩ
නා.ප්‍ර. ආදියෙහි පාවිච්චි කළ දුනු විශේෂයක්.
ගෝදාන කර්මය
නා. ගෘහ්‍ය සූත්‍ර අනු ව චූඩාකර්ම (හිසකෙස් කැපීම) හා කේශාන්ත කර්ම (රැවුල් කැපීම) ආදියේ දී පූර්ව කෘත්‍ය චාරිත්‍රයක්.
ගෝදානය
නා. ග්‍රහ අපල දුරු වීම සඳහා ජීව දානයක් වශයෙන් ගවයන් දන් දීම; ගව දානය.
ගෝධා
1. නා.ප්‍ර. ගොයා; තලගොයා.
2. නා.ප්‍ර. දුනුවායන් අතේ මැණික් කටුවෙහි බඳින සම් කැබැල්ල.
ගෝනස්
නා.ප්‍ර. වක් වූ පරාලය.
ගෝප
1. නා.ප්‍ර. ගවයන් රැක බලාගන්නා; ගොපල්ලා.
2. නා.ප්‍ර. ගවගාලක ප්‍රධානියා.
3. නා.ප්‍ර. කිරි පට්ටිකාරයා.
4. නා.ප්‍ර. රජ.
5. නා.ප්‍ර. ගුප්ත යුගයේ දඹදිව කිසියම් පෙදෙසක සේවය කළ ගම් දෙටුවෙක්.
ගෝප කර්මය
නා. ගවයින් බලා ගැනීම; එඬේර වෘත්තිය.